Monday, April 29, 2024

පළාත් සභා මැතිවරණය ජනවාරි මුල පැවැත්විය හැකි බව මැතිවරණ කොමසාරිස් කියයි.

Must read

පළාත් සභා මැතිවරණය ලබන 2019 වසරේ ජනවාරි මස මුල් සතියේ පමන පැවැත්විය හැකි බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කියා සිටී.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සීමා නිර්ණ කමිටු වාර්තාව ඉදිරි මාස දෙක තුළ ගැසට් කිරීමට කටයුතු කරන්නේ නම් මැතිවරණය ලබන වසරේ ජනවාරි මස පැවැත්වීමට හැකි වන බව ද සභාපතිවරයා අවධාරණය කර සිටි.

පසුගිය සිකුරාදා (24) සීමා නිර්ණ කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එය සම්ම්ත කරගැනීමට නොහැකි වීම හේතුවෙන් සීමා නිර්ණ කමිටු වාර්තාව නැවත සලකා බැලීම සඳහා අග්‍රාමාත්‍යවරයාගේ සභාපතිත්වයෙන් යුතු පස්දෙනකුගෙන් යුත් කමිටුවක් පත් කිරීමට කතානායකවරයාට බලතල ඇති බවත් කතානායකවරයා මේ කමිටුව පත් කළ යුතු වන බව ද මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

පක්ෂ නායකයන්ගේ එකගතාව මත ඉදිරි දින කිහිපය තුළ මේ වාර්තාව සංශෝධනය කිරීම සඳහා කතානායකවරයා විසින් අදාළ කමිටුව පත් කිරීමට නියමිත බවත් එම කමිටුව සඳහා අදාළ ක්ෂේත්‍රය සම්බන්ධයෙන් අවබෝධය ඇති දේශපාලකයන් නොවන හතර දෙනකු පත් කිරීමට නියමිත බවත් කතානායක කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

සීමා නිර්ණ කමිටු වාර්තාව සංශෝධනය කිරීමට මේ කමිටුවට බලතල ඇති බවත් මේ වන විටත් කතානායකවරයා විසින් දැනටමත් කමිටුව සඳහා සාමාජිකයන් හතර දෙනකුගේ නම් නිර්දේශ කර ඇති බවත් කතානායක කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරන අතර මේ වන විට ඔවුන්ගේ කැමැත්ත විමසමින් පවතින බව ද සඳහන් වේ.

කාතානයකවාරයා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සහ සීමා නිර්ණ කමිටුව මැතිවරණය කඩිනමින් පැවැත්වීමට ඇති හැකියාව සම්බන්ධයෙන් සාකච්ඡා සිදු කළ බවත් 2019 මැතිවරණය පැවැත්වීමට සම්පූර්ණ සහාය දීමට ඔවුන් එකගතාව පළ කර ඇති බවත් පවසන සභාපතිවරයා උතුරු පළාත් සභාව දෙසැම්බර් මස 25 විසුරුවා හරින බවත් අදාළ සංශෝධන සිදු කර එම වාර්තාව මාස දෙකක් තුළ ගැසට් කරන්නේ නම් ඔක්තෝබර් මස අවසන් වන විට නාමයෝජනා කැඳවීමට හැකි වන බවත් කියා සිටි.

ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයටම පැවැත්වීමට කැමැති නම් සංශෝධන හෝ සීමා නිර්ණ කමිටු වාර්තා අවශ්‍ය නොවන බව ද කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කර සිටි.

එමෙන්ම ‍අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් යුක්තව ඉදිරියේ දී පත් කිරීමට නියමිත කමිටුව එම කමිටු වාර්තාව ඔක්තෝබර් මස මැද භාගයේ ලබා දෙන්නේ නම් නිසැක වශයෙන් 2019 වසරේ ජනවාරි මාසයේ මුල දී මැතිවරණය පැවැත්වීමට හැකි වන බව ද සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටි.

මේ අතර සීමා නිර්ණ කමිටු වාර්තාව සකස් කිරීම සිය අමාත්‍යාංශයට අදාළ කාරණයක් නොවන බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් කමල් පද්මසිරි මහතා කියා සිටියේය.

 

උපුටාගැනීම – www.dinamina.lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article