Friday, May 10, 2024

රු කෝටි 500 ක ගණුදෙනුවක් නිසා රටපුරා විවෘත කළ බාර් ??

Must read

සුරාසැල් විවෘතව තැබුනොත් දිනකට රැපියල් කෝටි 500 ක් රජයට ලැබෙන බව ආණ්ඩු පක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල සාලිය එල්ලාව මහතා පවසා තිබේ.ඔහු මේ බව කියා තිබුනේ බලන්ගොඩ ප්‍රදේශයේදි පැවැති මාධ්‍ය හමුවකදීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල සාලිය එල්ලාව මහතා මෙසේද පැවැසිය –

එහෙම කියලා සුරාසැල් විවෘත කරන්න කියන එකට මම එකග වෙන්නේ නැහැ. නමුත් මෙිි වෙලාවෙිදි අපි හැම පැත්තක් ගැනම බලන්න ඔිිනි. සුරාසැල් කියන්නේ මහ ලොකු යකෙක් වගේ එකක් නෙවෙයි. ඔය කියන ඔක්කොම විරෝධය දක්වනවානම් අපි දැක්කා සුරාසැල් විවෘත කල දා කිලෝමීටර් ගණන් දිග පෝලිම් තියෙනවා. සුරාසැල් වලට විරැද්ධව කතා කරන අය තමයි සුරාසැල් ඉදිරිපිට පෝලිම් වල ඉදිරියෙන්ම ඉන්නේ.

නිිති විරෝධි මත්පැන් ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. නිිති විරෝධි මත්පැන් පෙරන ස්ථාන වලට ගිහිල්ල එක විිදුරැවෙන් මහා කලබොලෙන් මත්පැන් පානිය කරල එනවා. මොන ජරාව, මොන වස විස ඒවයේ තියනවාද නැද්ද කියල කවුද දන්නේ. යැයි අකිල සාලිය සාලිය එල්ලාව මහතා වැඩිදුරටත් පැවැසිය.

නිරෝධායන ඇඳිරි නීතිය මධ්‍යයේ තැබෑරුම් විවෘත කර මධ්‍යසාර  පෝලිම් නිර්මාණය කිරීම නැවත නැවතත් හෙලා දැකිය යුතු පිළිකුල දනවන අවාසනාවන්ත හා අනුවණ ක්‍රියාවක් බව දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති, ආචාර්ය, වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා පවසන බව ලංකාදිප වෙබ් අඩවිය වාර්තා කර තිබුණි

කොවිඩ් බෝවීම සීඝ්‍ර කරවන මධ්‍යසාර සමාජගතකිරීමේ වගකීම් විරහිත ක්‍රියාව දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකින බව ද සභාපතිවරයා සඳහන් කළේය.

  එය සමස්ත ප්‍රජාවේම ජීවිත අනතුරේ හෙලීමක් බව ද ඔහු පවසයි.

එන්නත්කරණය මගින් ජනතාව තුළ ගොඩනැංවූ ප්‍රතිශක්තිය පහත හෙළීමට ද හේතුවන මෙම කටයුත්ත කිරි කලයට ගොම මුසු කළා වැන්නක් බවත් මත්පැනට එරෙහිව හඬ නැගූ අනගාරික ධර්මපාල තුමන්ගේ ජන්ම දින සැමරුම යෙදුනු දිනයේ සිට මත්පැන් අලෙවිසැල් විවෘත කිරීම ගැන කණගාටු වන බවත් වෛද්‍ය සමාධි රාජපක්‍ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.


මේ අතර නිරෝධායන ඇඳිරි නීතිය  ඉවත් කිරීමට පෙර මත්පැන් අලෙවිසැල් විවෘත කිරීමෙන්  ගැටලු රැසක් ඇති වන බවත් මත්පැන් අලෙවිය වහාම නතර කිරීමට කටයුතු කරන ලෙසත් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට ලිපියක් යොමු කරමින් ඉල්ලා තිබේ.

අන්තර්ජාලය ඔස්සේ හෝ මත්පැන් අලෙවි කිරීම නොකළ යුතු බවත් මත්පැන් අලෙවිසැල් විවෘත කිරීමෙන් ගෘහස්ථ හිංසනය සහ මාර්ග අනතුරු වැනි දේවල් ඉහළ යා හැකි බවත් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය එම ලිපිය මගින් පෙන්වාදී තිබේ. 



- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article