Friday, May 10, 2024

බාර් වහන්න – ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය බැසිල්ගෙන් ඉල්ලයි

Must read

නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක මෙම කාලසීමාවේ මත්පැන් අලෙවිසල් විවෘත කිරීමට රජය ගෙන ඇති තීරණය වහාම අවලංගු කරන ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය මුදල් ඇමැති බැසිල් රාජපක්ෂගෙන් ඉල්ලා ඇත.මුදල් ඇමතිවරයා වෙත ලිපියක් යොමු කරමින් එම සංගමය පෙන්වා දී ඇත්තේ නිරෝධායන ඇදිරි නීති කාලසීමාවේදී සුරාසල් විවෘත කිරීම හේතුවෙන් විවිධ සෞඛ්‍ය, සමාජයීය හා ආර්ථික ගැටලු රැසක් උද්ගතවන බවයි.

මෙසේ සුරාසැල් විවෘත කිරීමත් සමග ඳිරිනීතිය උල්ලංඝනය කරමින් සුරාසල් අසල පොදිකන අතර එය කොවිඩ් 19 වසංගතය තවදුරටත් රටේ ව්‍යාප්ත වීමට හේතුවක් වන බවත්, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ළමා අපචාර මෙන්ම මාර්ග අනතුරුද ඉහළ මේ හේතුවෙන් ඉහළ යා හැකි බවත් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පෙන්වා දෙයි.

එමෙන්ම ජාතික දුම්කොළ හා මද්‍යසාර පනත උල්ලංඝනය කරමින් අන්තර්ජාලය ඔස්සේ මත්පැන් අලෙවි කිරීමද වහාම නවතා දමන ලෙස එම සංගමය අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට යොමුකල ලිපියෙහි දක්වා ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article