Monday, May 20, 2024

මෙවරත් නැගෙනහිර ‘තිලීපන්’ සැමරුමට තහංචි

Must read


ප්‍රජාතන්ත්‍රවාදී සටන්කරුවන්ගේ පක්ෂයේ නියෝජ්‍ය නායක දිලීප් මහතා


එල්.ටී.ටී.ඊ සංවිධානයේ යාපනයේ දේශපාලන නායකයා වූ , 1987 වර්ෂයේදී ශ්‍රී ලංකා රජයට දේශපාලන ඉල්ලීම් කීපයක් ඉදිරිපත් කරමින් සාමකාමී උපවාසයක නිරතව දිවි පිදූ රාසය්යා පාතිපන් නොහොත් ‘තිලීපන්’ දෙමළ ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වෙනුවෙන් දිවි පිදූ නායකයෙකි.
වෛද්‍ය ශිෂ්‍යෙයකු වූ තිලීපන් යාපනයේ නල්ලූර් කෝවිල අසල සාමකාමී උපවාසයක් ආරම්භ කරන ලද්දේ 1987 සැප්තැම්බර් මස 15 වනදිනය. එතැන් පටන් දින දින 12ක අත්නොහල උපවාසයකින් අනතුරුව සැප්තැම්බර් මස 26 වනදා ඔහු මියයන ලදී. දමිළ ජනයාගේ අයිතිවාසිකම් වෙනුවෙන් උපවාස කොට මියගිය එකම සටන්කාමියා තිලීපන් වන අතර ශ්‍රී ලංකාවේත්, ලෝකයේත් දමිළ ජනයා සෑම සැප්තැම්බරයකදිම තිලීපන් සැමරිම සිදුකරනු ලබයි. ගිය වසරේද උතුරු නැගෙනහිර ප්‍රදේශ වල තිලීපන් සැමරීමට එරෙහිව පොලීසිය විසින් අධිකරණ නියෝග පැනවූ අතර සැමරීම් වලට විවිධ බාධා පමුණුවන ලදී.
පසුගියදා කලවංචිකුඩි මහේස්ත්‍රාත් අධිකරණය විසින් තිලීපන් සැමරීම සම්බන්ධයෙන් තහනම් නියෝගයක් ප්‍රජාතන්ත්‍රවාදී සටන්කරුවන්ගේ පක්ෂය වෙතද නිකුත් කර තිබේ.


මහේස්ත්‍රාත් අධිකරණය විසින් පනවා ඇති තහනම පිළිබඳව ප්‍රජාතන්ත්‍රවාදී සටන්කරුවන්ගේ පක්ෂයේ නියෝජ්‍ය නායක දිලිප් මහතා විසින් අදහස් දක්වමින් මෙසේ පැවසීය.

” අවිහිංසාවාදී ලෙස උපවාස කර දිවි පිදූ අපේ සහෝදරයා වන තිලීපන් සැමරීමට මෙවර අපට විධි විධාන නොමැත. මොකද අපි දන්නා දේ නම් මේ ආණ්ඩුවේ මේ මර්දනකාරී පාලනය යටතේ කිසිඳු සමරු උත්සවයක් කළ නොහැකි බවයි.මෙම රජය දෙමළ ජනතාවගේ ගැටලුව මැඩපැවැත්වීම සඳහා ගත හැකි සෑම උපක්‍රමයක්ම අනුගමනය කරයි. වර්තමාන කොරෝනා තත්ත්වය ද එයට දායක වේ. ඔවුන් උත්සාහ කරන්නේ කොරොනා හුවා දක්වමින් දෙමළ ජනයාගේ සිද්ධීන් පමණක් යටපත් කිරීමටයි. කුමක් වුවත්, කෙතරම් සාහසිකකම් සිදු වුවද, අධිකරණ නියෝග කෙතරම් තිබුණත් ඔවුන් වෙත අපගේ හෘදයාංගම ප්‍රණාමය නැවැත්වීමට කිසිවකට නොහැකිය. වර්තමාන ම තත්වය අනුව සිහිකිරීම් ,සැමරීම් හසුරුවා ගැනීමට අපි අදහස් කරමු.

වර්තමාන අවධියේදී අපට ජනතාව බලමුලු ගැන්වීමට හා දේශපාලන කෘෘරකම්වලට යටත්වීමට කිසිදු අදහසක් නොමැත. රාජ්‍යයේ උත්සාහය වන අපේ සාමාජිකයින් කොටු කිරීමේ වෑයමට අප කොටුවීමට අපි සූදානම් නැත. නමුත් කාලය සහ ජාත්‍යන්තර ප්‍රතිචාරය පිළිතුර විය හැකි බව අප විශ්වාස කරමු. ”



දේවා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article