Friday, May 3, 2024

රුපියල් මිලියන 10ක් ජවිපෙට ගෙවන්නැයි වීරවංශට අධිකරණයෙන් නියෝග

Must read

2007 වසරේදී විමල් වීරවංශ මන්ත්‍රීවරයා ජනතා විමුක්ති පෙරමුණෙන් නෙරපීමෙන් අනතුරුව වීරවංශ විසින් ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාවේ ලිපි ලේඛණ භාවිතා කරමින් “නැත්ත වෙනුවට ඇත්ත” නමින් කෘතියක් එළි දැක්වූ අතර ඒ අවස්ථාවේදීම ජවිපෙ වෙනුවෙන් එහි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගනු ලැබීය. එම වකවානුව තුල එම නාඩුව විභාගයට ගත් අවස්ථාවේදී අධිකරණය විසින් කෘතිය විකිණීමට එරෙහිව අධිකරණය වාරණ නියෝගයක් ලබා දීමද සිදුවිය.

අද (11)දිනයේදි එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කරමින් ජනතා විමුක්ති පෙරමුණ විසින් විමල් වීරවංසට එරෙහිව මෙම නඩුව ගොනු කිරීමේදී ඉල්ලා සිටින ලද සියළු සහන ලබා දෙන ප්‍රකාශයට පත් කෙරිණි. ඒඅනුව ජනතා විමුක්ති පෙරමුණට වන්දි වශයෙන් රුපියල් මිලියන 10ක් ගෙවීමටත් එම කෘතියේ සියළුම පිටපත් විකිණීම තහනම් කිරීමටත් අධිකරණය නියෝග කල අතර මෙම ක්‍රියාව හරහා විමල් වීරවංශ විසින් බුද්ධිමය දේපළ පනත උල්ලංඝණය කර ඇති බවද අධිකරණය සදහන් කර සිටියේය.

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article