Saturday, May 18, 2024

රාජපක්ෂවාදින් මාධ්‍යවේදින්ට කරන තර්ජන ගැන මාධ්‍ය ඇමති තදින් සිටි !

Must read

Mangala-picවත්මන් රජය බලයට පත්වුණේ මාධ්‍යවේදීන් සම්බන්ධයෙන් පසුගිය රජය සමයේ සිදු වූ අසාධාරණකම් මැඩපවත්වමින් මාධ්‍ය නිදහස තහවුරු කිරීමේ ප්‍රතිඥාවත් සමග බව අමාත්‍ය මංගල සමරවීර මහතා  විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි
පසුගිය රජයේ සිදු වූ විශාල මූල්‍ය අවභාවිතය සම්බන්ධයෙන් නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත සකස් කරන ලද වාර්තාවට දායකත්වය දැක්වූ ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් දෙදෙනෙකුට එල්ල කළ තර්ජන පිළිබඳ තමා දැඩි අවධානය යොමු කරන බව අමාත්‍ය මංගල සමරවීර මහතා සිය නිවේදනයෙන් විශේෂ අවධාන යොමු කර තිබේ.

මේ සම්බන්ධයෙන් වහාම අදාළ බලධාරීන් පරික්‍ෂණ පවත්වා වරදකරුවන් නීතිය හමුවට ගෙන ඒමට කටයුතු කළ යුතු බව එම නිවේදනයේ සදහන්ය.
ජනමාධ්‍යවේදීන් තම රාජකාරීය නිසි ආකාරව ඉටු කිරීමේ දී සිදුවන මෙවැනි ක්‍රියා  ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස තරයේ හෙලා දකින බවත්  ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායකයන් මෙම ක්‍රියාව පිළිබඳ සම්පූර්ණ වගකීම දැරිය යුතු අතර මෙවැනි ක්‍රියා නැවතත් ඇති නොවීමට වගබලා ගත යුතු බව අමාත්‍යවරයා විසින් එහිදි අවධාරණ්‍ය කර තිබේ.
පසුගිය රජය සමයේ ජනමාධ්‍යවේදීන් වැඩිම පිරිසක් ඝාතනයට ලක්විම, එමෙන්ම ඔවුන්ට ප්‍රහාර එල්ල කිරීම්, අතුරුදන් කිරීම්, තර්ජන එල්ල කිරීම් සහ මාධ්‍ය ආයතනවලට ප්‍රහාර එල්ල කිරීම් විශාල ප්‍රමාණයක් සිදුව තිබුණ අතර  එවැනි අඳුරු යුගයක් නැවතත් උදා නොකිරීම තම රජයේ බලාපොරොත්තුව බව අමාත්‍යවරයා නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර සිටි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article