Saturday, May 18, 2024

හොරණ පලතුරු තාක්ෂණික ප්‍රදර්ශනය ජුලි 7-9 දක්වා පැවැත්වේ

Must read

fruts

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ශ්‍රමශක්ති වැඩපිළිවෙලට සහයෝගය පල කරමින් හොරණ කණන්විල පලතුරු පර්යේෂණ හා සංවර්ධන ආයතනය විසින් සංවිධානය කරන පලතුරු තාක්ෂණික ප්‍රදර්ශනය ජූලි මස 07 සිට 09 දක්වා එම පර්යේෂණ ආයතනය පරිශ්‍රයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මෙම පලතුරු තාක්ෂණික ප්‍රදර්ශනයේ දී පලතුරු අලෙවි කිරීම, පලතුරු වලින් සකසා ගන්නා ආහාර පාන මෙන්ම පලතුරු පැළ අලෙවි කිරීමත් පලතුරු වගාව පිළිබඳ තාක්ෂණික දැනුම ලබා දීමත් සිදු කෙරේ. එමෙන්ම පලතුරු වගාවේ දී පටක රෝපණ තාක්ෂණ භාවිතය අස්වැන්න නෙලීම හා ගබඩා කිරීම, රෝග පළිබෝධ පාලනය වසවිසෙන් තොරව පලතුරු ඉදවීම, අපනයනය සඳහා පලතුරු නිපදවීම මෙන්ම ආහාර සුරක්ෂිතතාව වැනි කරුණු ගණනාවක් කෙරෙහි මෙම ප්‍රදර්ශනයේ දී අවධානය යොමු කර ඇත.

හොරණ කණන්විල පලතුරු තාක්ෂණික ප්‍රදර්ශනය 2018 ජුලි 07 දින පෙ.ව. 9.00ට අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, කෘෂීකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඇතුළු මැති ඇමතිවරු රැසකගේ සහභාගීත්වයෙන් විවෘත කිරීමට නියමිතය.
www.news.lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article