Tuesday, August 25, 2026

-යුක්තිය ඉල්ලූ” මව්වරුන්ට පොලිසියෙන් බලපෑම් ! යාපනයේ උණුසුම් තත්ත්වයක්

Must read

 

බලහත්කාරයෙන් අතුරුදන් කිරීම් වලට ලක්වූවන් පිළිබඳ ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් අද යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති උත්සවයට විරෝධය පළ කරමින් අතුරුදන් වූවන්ගේ ඥාතීන් විරෝධතාවයක නිරත විය.

OMP කාර්යාලය මගින් සංවිධානය කර තිබූ මෙම උත්සවයට විරෝධය පළ කරමින් “බලහත්කාරයෙන් අතුරුදන් වූවන්ගේ ඥාතීන්ගේ සංගමයේ” මව්වරුන් ඇතුළු සාමාජිකයින් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිටට රැස්ව “අපට සත්‍යය ඕනෑ, යුක්තිය ඕනෑ” යනුවෙන් සටන් පාඨ කියමින් විරෝධය පළ කළහ.

එම අවස්ථාවේදී එම ස්ථානයේ රාජකාරියේ නිරතව සිටි පොලිසිය විරෝධතාකරුවන් එම ස්ථානයෙන් ඉවත් කිරීමට ක්‍රියා කළේය.

එහිදී පොලිස් නිලධාරීන් විසින් විරෝධතාකරුවන් බලහත්කාරයෙන් ඇදගෙන යාමට උත්සාහ කළ අතර, ඒ අතරතුර සමහර මව්වරුන්ගේ ඇඳුම් ගැලවී යන තත්ත්වයක් ද ඇතිවූ බව එහි සිටි අය පැවසූහ.

අතුරුදන් වූ තම ඥාතීන් පිළිබඳ සත්‍යය සහ යුක්තිය ඉල්ලා වසර ගණනාවක් තිස්සේ අරගල කරන තමන්ට මෙලෙස සැලකීම පිළිගත නොහැකි බව විරෝධතාකරුවන් කියා සිටියහ.

සිද්ධියෙන් පසු එම ප්‍රදේශයේ තාවකාලික නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වූ අතර පොලිසිය විසින් වැඩිදුර ආරක්ෂාව යොදවා තිබුණි.

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article