Friday, May 3, 2024

යාපනය හෝටලයක් පසුපස තිබී බෝම්බ හා පුපුරන ද්‍රව්‍ය සොයාගැනේ

Must read

වවුනියාව යාපනය මාර්ගයේ කනගරායම් කුලම ප්‍රදේශයේ පිහිටි මුස්ලීම් හෝටලයක් පිටුපස වළ දමා තිබු බෝම්බ ඇතුළු පුපුරණ ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ආරක්ෂක අංශ විසින් ගොඩ ගෙන තිබේ

මේ සිද්ධිය සම්බන්ධයෙන් අදාල හෝටලයේ හිමිකරු අත් අඩංගුවට ගෙන පරීක්ෂණ කරන බව පොලීසිය කියයි.

හමුවු යුද උපකරණ අතර පීඩන බෝම්බ තුනක්, ආර් පී ජී උණ්ඩයක් ,සී 4 වර්ගයේ පුපුරණ ද්ර ව්යෝ පතුරම් කීපයක් ඇතුළු තවත් දේ වෙයි

මෙම යුධ උපකරණ තොගය ප්ලාස්ටික් බට වල බහා ඉතා සුරක්ෂිතව වල දමා තබු අතර ආරක්ෂක අංශ වල බුද්ධි නිළධාරීන්ට ලද තොරතුරකට අනුව ඒවා සොයා ගෙන තිබේ

උතුරේ සේවය සදහා යන එන ආරක්ෂක අංශ නිළධාරීන් සියලූ දෙනා පාහේ බස් රථ වලින් ගමන් ගන්නා විට ආහාර ගැනීම සදහා නතර කරණු ලබන්නේ මෙම හෝටලයේය

එමෙන්ම ඒ 09 මාර්ගයේ ගමන් ගනු ලබන දුර ගමන් සේවා බස් රථද නිරන්තරයෙන් මෙම හෝටලයේ නතර කරණු ලබයි මෙම හෝටලය ඉදි කොට ඇති ඉඩම මුස්ලීම් ව්‍යාපාරිකයා විසින් මීට වසර 09 ට පෙර බලහත්කාරයෙන් අල්ලා ගනිම්න් හොටලයක් පවත්වාගෙන ගොස් තිබේ .

යුද සමයේ මෙම ස්ථානයේ තිබී ඇත්තේ කොටි සංවිධානය විසින් පවත්වාගෙන යනු ලැබු රෝහලකි .

ආරක්ෂක අංහ වලට ලද තොරතුරකට අනුව අදාල හෝටලය පිටුපස වලක් හාරා වල දමා තිබු පුපුරණ ද්‍රව්‍ය තොගය ගෙඩ ගෙන තිබේ

ආරක්ෂක අංශ විසින් සොයා ගන්නා ලද පුපුරණ ද්‍රව්‍ය යුද සමයේදී භාවිත කළ ඒවා බවට සැක කෙරෙන අතර හෝටල් හිමියා එම පුපුරණ ද්ර ව්යඒ ළග තබා ගන්නා ලද්දේ කවර හේතුවක් මතද යන්න පිළිබදව පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

අත්අඩංගුවට ගන්නා ලද සැකකරු කනගරායම්කුලම පොලීසිය වෙත බාරදී ඇති අතර පොලිසිය හා වවුනියාවේ ආරක්ෂක අංශ සිද්ධිය පිලිබද පරීක්ෂණ පවත්වයි

(Lankadeepa.lk)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article