Thursday, May 2, 2024

යාපනය ජාත්‍යන්තර වෙළද ප්‍රදර්ශණය ඇරඹේ.

Must read

8වන වසරටත් පැවැත්වෙන යාපනය ජාත්‍යන්තර වෙළද ප්‍රදර්ශණය මේ මස 27 වනදා සිට 29 වනදා දක්වා යාපනය නගරසභා භූමියේදී පැවැත්වීමට නියමිතය.

‘Gateway to the North’ ලෙස නම් කර ඇති මෙම ප්‍රදර්ශණය දිවයින පුරා වෙසෙන වෙලද ක්ෂේත්‍රයට සම්බන්ද පිරිස් විසින් වසරේ අනිවාර්‍යෙයන් සහභාගී වන අවස්ථාවක් වශයෙන් සෑම දෙනා අතරම ප්‍රසිද්ධ වීමද විශේෂ කරුණකි. විවිශ අවශ්‍යතායන් හා සේවාවන් සපයන හා ආහාරපානද සහිත දේශීය මෙනම විදේශීය වෙලදකුටි වලින්ද සමන්විත මෙම ප්‍රදර්ශනයේ වෙලදකුටි 300ක් පමන ඇති අතර ඒවා මගින් විවිධ වර්ගවල වෙලදභාණ්ඩ 1000කට අධික ප්‍රමාණයක් අලෙවි කිරීමට සැලසුම් කර ඇත.

සියළු වයස් කාණ්ඩ වල පිරිස් වෙත වටිනා අවස්ථාවන් රැසකින් මෙම ප්‍රදර්ශණය සමන්විත වන අතර  විශේෂයෙන් අධ්‍යාපනය ලබන සිසුන්ට උසස් අධ්‍යාපනය සම්බන්දයෙන් වන විශේෂ තොරතුරු සැපයීමට අවශ්‍ය වන වැඩමුළු හා සම්මන්ත්‍රණ රාශියක්ද ප්‍රධානපෙලේ අධ්‍යාපන ආයතන විසින් පැවැත්වනු ඇති. ඉදිකිරීම් ක්ෂේත්‍රය, මූල්‍යමය සේවාවන්, ආහාරපාන, ඇසුරුම් ක්ෂේත්‍රය, රථවාහන ක්ෂේත්‍රය, තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය, ඇගළුම් කර්මාන්තය, කෘෂිකර්මාන්තය, වැනි තවත් ක්ෂේත්‍ර ගණනාවකට අදාලවන දැනුම මෙහිදී ලබා ගැනීමට මෙහි පැමිණෙන්නන්ට අවස්ථාව හිමිවනු ඇති.

ප්‍රදර්ශනයට සමගාමීව තවත් වැඩකටයුතු රාශියක් මෙහිදී සංවිධානය කර ඇති අතර එයට දින දෙකක සංගීත සංදර්ශනයක්, සැණකෙලියක් වැනි විශේෂාංග රැසක්ද මෙයට අයත් වේ.

image.jpg
 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article