Thursday, May 2, 2024

මෙරට පළමු සහන මධ්‍යස්ථානය අනුරාධපරදී ..

Must read

vlcsnap-2015-04-21-18h34m14s104-300x225

ඕස්ට්‍රේලියාවේ ලියාපදිංචි ශාන්ති පදනම හා ශ්‍රීලංකා රජය එක්ව ආරම්භ කරන පළමු Palliative Care Centre සහන මධ්‍යස්ථානය අනුරාධපුරයේදී ආරම්භ කිරීමට සූදානම් බව ප්‍රකාශයට පත් කොට තිබෙනවා. නිදන්ගත වකුගඩු රෝගය වැලකීමේ ජනපති කාර්‍යසාධක බලකාය, සෞඛ්‍ය අමාත්‍යංශය, ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්‍යාලය හා අගමැති කාර්‍යාලයද එක්ව මෙම කර්තව්‍යට සහය දක්වනු ඇති. ශ්‍රීලංකා වෛද්‍ය සංගමය හා මෙරට Palliative Care Association හි අනුදැනුම මත මේ ව්‍යාපෘතිය ක්‍රියාත්ම වේ.

වකුගඩු රෝගය හා පිලිකා වැනි තමන්ගේ ජීවිත කාලය කෙටි කරන රෝගී තත්වයනට ගොදුරු වූවන්ගේ ශාරීරික,සමාජීය හා මානසික යහපැවැත්ම ගොඩනැගීම මෙම යෝජිත සහන මධ්‍යස්ථානයේ අරමුණුයි.මේ වන විට මෙරට තුල මේ ආකාරයේ ආයතන හතරක් පමණ ක්‍රියාත්මක නමුත් විශේෂයෙන් දිනෙන් දින වැඩිවන වකුගඩු රෝගීන්ට මෙන්ම පිලිකා රෝගීන්ට සහන සැලසීමට අවශ්‍ය විශේෂඥ සහන මධ්‍යස්ථානයක් එම ස්ථාන වල ක්‍රියාත්මක වන්නේ නැත.

ඇදවල් 40ක පමණ නේවාසික පහසුකම් මෙන්ම ඇවිදීමට අපහසු රෝගීන් වෙත ලගා විය හැකි ජංගම සහන මධ්‍යස්ථානයක්ද ඇති කිරීමට සූදානම් මෙම ව්‍යාපෘතිය අවසන් වන විට ඩොලර් මිලියනක් පමණ වැය වනු ඇතැයි විශ්වාස කෙරේ. ඊට අමතරව පුහුණ හා පර්යේෂණ මධ්‍යස්ථානයක්ද මෙහි ඉදිවනු ඇති. ශ්‍රිලංකා රජය විසින් අක්කර 5 – 10ක පමණ භූමි ප්‍රමාණයක් මේ සදහා  ලබා දීමට නියමිතය. අනුරාධපුර රෝහලේ සිට කි.මී 5ක පන දුරිකින් ඉදිවන මෙම මධ්‍යස්ථානයට අනුරාධපුර රෝහලේ වෘක්කවේදී හා පිලිකා රෝග සම්බන්ද වෛද්‍යවරුන් මෙන්ම හෙදියන්ද මේ මධ්‍යස්ථානය සදහා තම සේවාව ලබා දෙනු ඇති.

මේ ව්‍යාපෘතිය මගින් රොගීන්ගේ ජීවන තත්වය ඉහල නැංවෙතැයි බලාපොරොත්තු වන අතර රොගීන් විශාල ප්‍රමාණයක් රෝහල් වලට පැමිණීම නිසා ඇති වන තදබදයද මේ මධ්‍යස්ථානය නිසා අවම වැතැයි බලාපොරොත්තු වේ.

එලෙසම මෙහි ක්‍රියාත්ක වීමට නියමිත පර්යේෂණ ඒකකය ඔස්ට්‍රේලියානු රොහල් හා විශ්වවිද්‍යාල හා එක්ම තමන්ගේ පර්යේෂණ කටයුතු සිදුකිරීම නිසා වඩාත් යාවත්කාලීන තොරතුරු හා ප්‍රතිකාර ක්‍රම වැනි දේ මෙරටට ලබා ගැනීමේ පහසුව හිමිවනු ඇති.

53c3fbee6c-händer

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article