Thursday, May 2, 2024

යකා මල !

Must read

යකා මල 1 

වවුලෙකුගේ මුහුණට මෙන්ම යකකුගේ මුහුණට සමානකමක් දක්වන ඇන්තූරියම් පවුලට නෑකම් කියනු ලබන යකා මල දුර්ලභ මල් වර්ගයක් ලෙස සැලකේ.

මෙම මල ඉංග්‍රීසි බසින් බ්ලැක් බැට් ෆ්ලවර් ලෙස හඳුන්වනු ලබන අතර බොහෝ ගම්බඳ ප්‍රදේශයන්ගේ ජනතාව ඊට යකා හෝ රාක්ෂ මල ලෙස හඳුන්වනු ලබයි. ඒ මෙම මල ඉතාමත් තද කලු පැහැයෙන් යුත් යකකුගේ මුහුණට සමානකමක් දක්වන බැවිනි. විකාර හැඩයත් දිගට ඇදෙන රැවුලත් සහිත මෙම මලෙහි කිසිඳු සුවදක් නොමැත.

බොහෝ පිරිසක් මෙම යකා මල් ගෙවතුවල වගා නොකිරීම නිසා ඉතා ලෙහෙසියෙන් සොයා ගත නොහැකිව ඇත. මෙම මල් ගස් ගෙවතුවල වගා කිරීමෙන් එම නිවසට විවිධ අපල උපද්‍රව සිදුවන බව ගම්මුන් විසින් පිළිගැනීම නිසා යකා මල මෙසේ දුර්ලභ මල් වර්ගයක් වී තිබේ. එහෙත් ඉඳ හිට ඇතැම් ගෙවතුවල මෙම යකා මල් පිපී තිබෙනු දැකිය හැක.යකා මල 2

චීනයේ යුනාත් ප්‍රාන්තයේ බහුලව දැකිය හැකි යකා මල ඊට අමතරව අග්නිදිග ආසියාවේ නිවර්තන කලාපවල මෙන්ම බටහිර අප්‍රිකාවේත් දැකිය හැක. ඇතැම් විදෙස් රටවල මෙම යකා මලක් ඇමරිකානු ඩොලර් 30 ක පමණ මිළකට අලෙවි කෙරේ.

(තලවකැලේ ශාන්ත චන්ද්‍රසිරි)

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article