Thursday, May 2, 2024

පොල්තෙල්වලට වෙනත් තෙල් වර්ගයක් කලවම් කළ 5 දෙනෙකු අත්අඩංගුවට ?

Must read

 

SAMSUNG CAMERA PICTURES

SAMSUNG CAMERA PICTURES
SAMSUNG CAMERA PICTURES

පොල් තෙල් හා ඊට සමාන ආහාර පිනිස ගන්නා බව කියන තවත් තෙල් වර්ග දෙකක් වල්බෝලාන සුසාන භූමීයේදී බැරල් දෙකකින් බට දෙකක් යෙදා ගෙන තවත් ලොරියකවූ ප්ලාස්ටික් කෑන්වලට මාරු කරමින් කවලම් කිරීමේ යෙදුනු පස්දෙනෙකුගෙන් යුත් පිරිසක් ඊයේ 27 සවස අත්අඩංගුවට ගත් බව පල්ලෙවෙල පොලිසිය කියයි.
පොලිස් හදිසි ඇමතුම් අංශයට ලත් දුරකතන පනිවිඩයක් අනුව පල්ෙලෙවල පොලිසියේ පිරිසක් මෙම වැටලීම කරුනු ලැබීය.
පොලිස් පිරිස එහි යනවිටත් පොල්තෙල් හා වෙනත් තෙල් වර්ග අඩංගු බැරල් 24 ක් ලොරියක පටවාතිබූ අතර බැරල් දෙකකින් ගන්නා තෙල් වර්ග සේවකයින් විසින් බට දෙකකින් එකවර වෙනත් කෑන්වලට මාරු කරමින් සිටි බව හෙලිවී ඇත.
බාල තෙල් වර්ග පොල්තෙල්වලට කවලම් කර විකිණීමේ ජවාරමක යෙදෙන පිරිසක් මෙසේ අත්අඩංගුවට ගැනීමට හැකිවූයේ ප‍්‍රදේශයේ ජනතාව විමසිල්ලෙන් සිටිම්න කරනු ලැබූ දැන්වීම නිසා බව පොලිසිය කීය. පොලිස් පිරිස වැටලීම කරන අවස්තාව වනවිටත් තරුණ පිරිසක් වනගත පිරිසක රැුදී සිටිමින් මෙම කි‍්‍රයාව නිරීක්ෂනය කර ඇති බව දැන ගන්නට ලැබිනි.
සීදුව ප‍්‍රදේශයේ ව්‍යාපාරික ආයතනයකට අයත් ලොරියක මෙම තෙල් බැරල් පටවා තිබී අතර අලූතින් පුරවන ලද ප්ලාස්ටික් කෑන් 72 ක් ගම්පොල සිට පැමිණ ඇති බව කියන අනෙක් ලොරියේ තිබී පොලිසියට හමුවී ඇත. බැරල් කිහිපයක පාම් ඔයිල් යනුවෙන්ද තවත් කිහිපයක කෑම පිසින තෙල් යනුවෙන්ද සදහන් ලේබල් අලවා තිබෙනු දැකිය හැකිවිය. ගම්පොල ලොරියේ කෑන්වලට කිලෝ ග‍්‍රෑම් 1250 ක පමණ ප‍්‍රමාණයක් මේ ආකාරයෙන් හුවමාරු කර ඇති බව මූූලික පරීක්ෂණයේදී හෙලිවූ අතර නිවැරදි ප‍්‍රමාණය ගණනය කිරීම සදහා පොලිසිය පියවර ගනිමින් තිබිනි.
මෙසේ බාල තෙල් කවලම් කිරීමේ ජාවාරම කළක් තිස්සේ විවිධ ස්ථානවලදී සිදුකර කන්ද උඩරට පෙදෙස්වලට යවා ඇතැයිද කෑගල්ල වරකාපොල වැනි පෙදෙස්වලදී මීට පෙර මෙසේ තෙල් තොග කලවම් කර පටවා ඇති බවද පරීක්ෂණවලදී හෙලිවී තිබේ. කිසියම් හේතුවක් මත ඊයේ 27 මෙම පිරිස සුපුරුදු ස්ථානය වෙනස් කර මෙසේ වෙනත් ස්ථානයක් යොදා ගනිමින් තෙල් වර්ග කවලම් කිරීම නිසා විමසිල්ලෙන් පසුවූ ජනතාව නිසා නීතියේ රැුහැනට අල්ලා ගැනීමට හැකිවූ බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සීදුව, මීගමුව, වලපනේ, රද්දොලූව හා ලිමාගහකොටුව පෙදෙස්වල පදිංචිකරුවන් බව හෙලිවී ඇත.
සැකකරුවන් හා නඩු බඩු අද 28 අත්තනගල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
ගම්පහ කොට්ඨාශ බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මුදිත පුස්සැල්ල, අත්තනගල්ල සහකාර පොලිස් අධිකාරි ඉන්දික සිල්වා යන මහත්වරුන්ගේ උපදෙස් හා පල්ලෙවෙල පොලිස් ස්ථානාදිපති පොලිස් පරීක්ෂක කමල් රත්නායක මහතාගේ අධීක්ෂනය මත අපරාධ විමර්ශණ අංහයේ ස්ථානාදිපති පොලිම් පරීක්ෂක අසේල පෙරේරා, උප පොලිස් පරීක්ෂක චන්ද්‍රසේන, පොලිස් සැරයන් 32972 වීරකෝන් ඇතුලූ පොලිස් පිරිසක් මෙම වැටලීඹට එක්ව සිටියහ.
කොටදෙනියාව – එම්.පී. කුමාර

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article