Thursday, May 16, 2024

මේ වසරේ ඩෙංගු රෝගය වාර්ථාවීම ප්‍රතිශතය 76%කින් අඩුවෙයි.

Must read

පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ ඩෙංගු රෝගීන් වාර්ථා වීමේ ප්‍රතිශතය 76%කින් අඩුව ඇති බව ජාතික ඩෙංගු මර්දන වැඩසටහන පෙන්වා දෙයි. පසුගිය 2017 වසරේ ජනවාරි මස සිට ජුලි මස දක්වා ඩෙංගු රෝගීන්ගේ වාර්තාවීම 128,077 ක් වූ අතර, 2018 වසරේ ජනවාරි මස සිට ඡුලි මස දක්වා ඩෙංගු රෝගීන්ගේ වාර්තාවීම 30,786 කි.
මෙරට තුල වැඩිවශයෙන් ඩෙංගු මදුරුවන් බෝ වන්නේ පාසල් හා ඉදිකිරීම් කලාප ආශ්‍රිතව බව මින් පෙරදී හදුනාගත් අතර එම කාලාපයන් පිරිසිදුකිරීම සදහා වන වැඩපිළිවෙලවල් සෞඛ්‍ය අමාත්‍යංශයේ මැදිහත් වීමෙන් ක්‍රියාත්මක විය. එලෙසම ඉදිරියේදී ඩෙංගු මදුරු මර්දන කටයුතු සඳහා බඳවා ගත් ක්ෂේත්‍ර නිලධාරීන් 1500 සඳහා පුහුණුවක් සහ තවත්  දීමනාවක් ලබාදීමට ද යෝජනා වී ඇති අතර, මදුරු මර්දන කටයුතු සඳහා තවත් වාහන 50 ක් ලබාගැනීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇතැයි වාර්ථා වෙයි.
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් අනුව ඩෙංගු රෝගය පාලනය කිරිම සඳහා විශේෂ වැඩසටහන් රාශියක් සෞඛ්‍ය අමාත්‍යාංශය, ජාතික ඩෙංගු මර්දන වැඩසටහන හා ජාතික ඩෙංගු කාර්ය සාධන බලකාය ඒකාබද්ධව මේ වන විටත් ක්‍රියාත්මකව පවතී.
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article