Friday, May 10, 2024

දෙමළ ජනතාවගේ වීරයන් අමතක කරවීමට කොරෝනාවට හැකිද ?

Must read





තිලීපන් ‘ ගුණ සැමරුම් පැවැත්වීම තහනම් කරමින් මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් තහනම් නියෝගයක් දෙමළ ඊළාම් විමුක්ති සංවිධානය (TELO) වෙත නිකුත් කර තිබේ. මෙම තහනම් නියෝගය මඩකලපුවේ පිහිටි එම ව්‍යාපාරයේ කාර්යාලය වෙත පොලිස් නිලධාරියෙක් විසින් එහි නියෝජ්‍ය නායක ප්‍රසන්න ඉන්ද්‍රකුමාර් මහතාට බාරදී තිබේ. මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් , දෙමළ ඊළාම් විමුක්ති ව්‍යාපාරයේ නියෝජ්‍ය නායක සහ නැගෙනහිර පළාත් සභාවේ හිටපු උප සභාපතිවරයෙකු වූ ප්‍රසන්න ඉන්ද්‍රකුමාර් මහතා පවසන්නේ මෙවැනි ක්‍රියාවන් තුළින් දෙමළ ජනතාවගේ සිත් තවත් තුවාල වන බවයි. කෝරෝනා වසංගතය පදනම් කරගනිමින් දෙමළ ජනතාවගේ මතකයන් අවහිර කිරීමට මෙම රජය නැවත නැවතත් උත්සාහ දැරූවත් මර්දනය වැඩි කිරීමෙන් එම මතකයන්ට බාධාවන් සිදුකළ නොහැකි බව ඔහු පවසයි. ඔහු තවදුරටත් මෙසේ පවසන ලදි.



”කොරෝනා වසංගතය කිසිසේත් දෙමළ ජනතාවගේ අතීත මතකයන් අමතක කිරීමට හේතුවක් නොවනු ඇත. දෙමළ ජනයාගේ අරගල ඉතිහාසය වෙනුවෙන් ස්මාරක ස්ථාපනය කිරීමට විරුද්ධ වන කිසිවෙකු මඩකලපුවේ නොසිටිනු ඇත. පොලිසිය අධිකරණයට අසත්‍ය තොරතුරු ලබා දීමෙන් තහනම ලබා ගෙන ඇති බවට ද අපට සැකයක් පවතී.

දෙමළ ජනතාවගේ සිහිකිරීම් පැවැත්වීමෙන් පමණක් කොරෝනා ව්‍යාප්ත වන්නේ කෙසේදැයි අප නොදනී. පාලක පක්ෂයේ මැති ඇමතිවරු බොහෝ උත්සව කරති. මේ සියළුම සිදුවීම් වලට සිය ආධාරකරුවන් හා නිලධාරීන් වශයෙන් සිය ගණනක් ජනයා සහභාගී වෙති. කොරෝනා වසංගතය දඩමීමා කරගනිමින් දමිළ ජනතාවගේ මතකයන්ට අවහිර කිරීමට මෙම රජය නැවත නැවතත් උත්සාහ කරයි. මර්දනය වැඩි කිරීමෙන් අපේ මතකයන් මකා දැමිය නොහැකියි. රජය දමිළ ජනතාවගේ හදවත දිනා නොගෙන මෙවැනි ක්‍රියාකාරකම් තුළින් නැවත නැවතත් දෙමළ ජනතාවගේ සිත් රිදවීම කණගාටුවට කරුණකි” යැයි ඔහු පැවසීය.



දේවා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article