Sunday, May 19, 2024

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය කාලසටහන් වල වෙනසක්

Must read

අද (20) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි මුහුදුබඩ මාර්ගයේ උදෑසන කාර්යාල දුම්රියන්හි ධාවන වේලාවන් සංශෝධනය කර තිබේ.

ඒ අනුව මුහුදුබඩ දුම්රිය මාර්ගයේ උදෑසන කාර්යාල දුම්රියන්හී ධාවන වේලාවන් මිනිත්තු 10ත් 15ත් අතර කාලයකින් සංශෝධනය වනු ඇත. පෙර දුම්රියන් ධාවනය වූ වේලාවට වඩා මිනිත්තු 10 – 15ක කාලයකට පෙර නව කාලසටහන අනුව දුම්රිය ධාවනයට සැලසුම් කර තිබේ.

දුම්රිය වල ගමන්ගන්නා මගීන් ප්‍රමාණය ඉහළ යාම හේතුවෙන් දුම්රිය ස්ථානයක නැවැත්වීමට ලබාදෙන කාලය ඉහළ යාම,කොළඹ කොටුව සහ පානදුර අතර දුම්රිය මාර්ග දුර්වල තත්ත්වයේ පැවතීම නිසා වේග සිමා ක්‍රියාත්මක කිරීමට සිදුවීම, වැනි කරුණු සැලකිල්ලට ගනිමින් දුම්රිය ධාවන වේලාවන් සංශෝධනය කිරීමට තීරණය කර තිබේ.

ඉදිරියේ දී පස්වරුවේ ධාවනය වන කාර්යාල දුම්රිය කාල සටහන ද සංශෝධනය කිරීමට ද නියමිතව තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article