Monday, May 6, 2024

තිරිඟු පිටි මිල තවත් පහළට : පාන් මෙලෙහි වෙනසක් නැහැ

Must read

ආනයනික තිරිඟු පිටි කිලෝ ග්‍රෑමයක තොග මිල තවත් රුපියල් 25 කින් අඩු කළ බව පිටකොටුව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

තිරිඟු පිටි මිල පහළ දැමූ දෙවන අවස්ථාව මෙයයි. ඒ අනුව මේ වන විට තිරිඟු පිටි කිලෝග්‍රෑමයක තොග මිල රු.375සිට රු.265ක් දක්වා පහළ දමා තිබේ.

තිරිඟු පිටි මිල අවස්ථා දෙකකදී පහල දැමූවත් මේ වන තෙක් බේකරි නිශ්පාදන වල මිල පහළ දැමීමට සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය කටයුතු කර නැත. ඔවුන් පවසන්නේ මෙරට තිරිඟු පිටි නිශ්පාදනයේ ප්‍රධාන සමාගම් දෙක තිරිඟු පිටි මිල අඩු කිරීමට කටයුතු කර නොමැති බැවින් බේකරි නිශ්පාදන වල මිල පහළ දැමිය නොහැකි බවයි. එමෙන්ම බේකරි නිශ්පාදනවල මිල පහළ දැමීමට නම් ආනයනික තිරිඟු පිටි මිල රු. 250ක් දක්වා පමණ පහත දැමිය යුතු බවද සමස්ථ ලංකා බේකරි නිශ්පාදන හිමියන්ගේ සංගමයේ සභාපති කේ.ජයවර්ධන මහතා කියා සිටියි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article