Monday, September 14, 2026
spot_img

මුලතිව් හි තිලීපන් සැමරීම තහනම් , 24 දෙනෙකුට තහනම් නියෝග

Must read

මුලතිව් දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථාන 5 ක් විසින් ඊයේ (25) මුලතිව් දිසා මහේස්ත්‍රාත් අධිකරණයේදී පුද්ගලයින් 24 දෙනෙකුට ඒරෙහිව තහනම් නියෝග ලබාගෙන තිබේ. ඒ් ත්‍යාගි තිලිපන් නොහොත් රාසය්යා පාතිපන් සැමරීමට ඒරෙහිවය. මුලතිව් දිස්ත්‍රික්කයේ මුලතිව්, මුල්ලියාවලෙයි, පුදුකුඩිඉරුප්පු, මාන්කුලම් සහ මල්ලාවි යන පොලිස් ස්ථාන වල නිලධාරීන් විසින් මෙම තහනම් නියෝග ලබාගෙන අදාළ බලධාරීන් වෙත අද භාර දී තිබේ.

පොලිසිය පවසන පරිදි දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයේ සාමාජික රාසය්යා පාතිපන් හට අනුස්මරණ උත්සවයක් පැවැත්වීමට සුදානම් වන බවට තොරතුරු ලැබී තිබේ.

‘එම නිසා, අපරාධ නඩු විධාන සංග්‍රහයේ 106 වන වගන්තිය යටතේ මම තහනම් නියෝගයක් නිකුත් කරන්නේ ඔබ සහ ඔබේ ආධාර කරුවන් විසින් රාසය්යා පාතිපන් වෙනුවෙන් සැමරුම් උත්සවයක් 2010.09.24 සිට 2020.09.27 දක්වා පැවැත්වීම තහනම් කරමිනි.’
එලෙස අධිකරණ වාරණ නියෝගයේ සඳහන් කර තිබේ.



ෂන්මුගම් තවසීලන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article