Monday, May 20, 2024

ගජේන්ද්‍රන් මන්ත්‍රිවරයාව අත්අඩංගුවට ගැනිම ගැන TNA විරෝධය

Must read

දෙමළ ජාතික ජනතා පෙරමුණේ සෙල්වරාසා ගජෙන්ද්‍රන් මන්ත‍්‍රීවරයා පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීම හා ඔහුට ම්ලේච්ඡ ආකාරයට හිරිහැර කිරීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය සිය අප‍්‍රසාදය පළ කරන බව එම පක්ෂය වෙනුවෙන් අදහස් දැක්වූ යාපනය දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා පවසා තිබුණි.

කිසිදු ආක‍්‍රමණයකින් තොරව, සෙනඟක් නොමැතිව, කොරෝනා ආරක්ෂන නීති රීති උල්ලංඝනය නොකර, මහජන නියෝජිතයකු විසින් සිදු කරන ලද සැමරුම් උත්සවය සඳහා පොලිසිය කටයුතු කළ ආකාරය ඉතා බරපතළ බව ප‍්‍රකාශ කරන සුමන්තිරන් මන්ත‍්‍රීවරයා මියගිය පුද්ගලයකුගේ ස්මාරකයකට තහනම් දැමීමට පොලීසියට නොහැකි බවද කියා සිටියේය.

පොලිස් නිලධාරීන් සාමාන්‍ය ජනතාව ඉදිරියේ මන්ත‍්‍රීවරයාගේ ගෞරවයට විශාල හානියක් සිදුවන ආකාරයට කටයුතු කොට ඇති බවද පැවසීය.

ප‍්‍රජාතාන්ත‍්‍රීය රටක සිදුවන මෙවැනි ක‍්‍රියා සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය මීට පෙරද රජයට පක්ෂයේ අප‍්‍රසාදය පළ කළ බව කියා සිටි සුමන්තිරන් මන්ත‍්‍රීවරයා සෙල්වරාසා ගජේන්ද්‍රන් මන්ත‍්‍රීවරයා අත්අඩංගුවට ගැනීම හා ඔහුට හිරිහැර කිරීම පිළිබඳවද පක්ෂයේ අප‍්‍රසාදය හා විරෝධය පළ කරන බව සඳහන් කළේය.
යාපනයේ නීති ක්ෂේත්‍රයේ ක්‍රියාකාරිකයෙකු මෙම සිදුවිම ගැන ඒම අවස්ථාවේ සිය විරෝධය පළකරමින් කියා තිබුනේ මෙය රාජ්‍ය ත්‍රස්තවාදය බවත්, පොලිස් ත්‍රස්තවාදය බවත්ය.
ජගත් මහ මණ්ඩල සමුළුව අමතන්නට ගිය ශ්‍රිලංකා ජනාධිපතිවරයා සිය දේශනයේදි ජාතින් ගේ අන්‍යතාවයන්ට ගරු කරන බවය.
ඒහෙත් ශ්‍රිලංකා පොලිසිය පසුගිය කාලය තුල කටයුතු කරමින් සිටින අකාරය සැබැවින්ම නින්දා සහගත තත්වයකට මේ වන විට පත්ව තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article