Saturday, May 4, 2024

මීට වඩා වටිනා චෙක් එකක් ලැබුණොත් කියන්න ඕනේ..

Must read

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ගොවීන්ට පසුගිය දිනක තමන්ගේ බෝග රක්ෂණාවාරණය සදහා අදාල චෙක් පත ලැබී තිබෙනවා.  එලෙස ලැබී ඇත්තේ රු.3,රු.4,රු.5 හෝ රු.10 ලෙස සදහන් චෙක්පත්වීම මෙම සිදුවීම මාධ්‍ය අවධානය දිනාගැනීමට හේතුවක් බවට පත් කර තිබෙනවා.

මෙම සිදුවීම සම්බන්දයෙන් මුලින්ම අනාවරණය කරනු ලැබුවේ තමිල් නාඩු ප්‍රාන්තයේ ව්‍යවස්ථාදායක සභාවේ විපක්ෂ නායක එම්.කේ.ස්ටලින් මහතා වන අතර එම පක්ෂයේම තවත් මන්ත්‍රීවරයෙකු විසින් එසේ ගොවීන්ට ලැබුණ චෙක් පත් මාධ්‍යවෙත ඉදිරිපත් කර තිබුණා. එලෙසම ඔවුන් පෙන්වා දෙන්නේ ගිණුමක් විවෘත කිරීම සදහා රු.500ක මුදලක් තැන්පත් කල යුතු බවත් මෙම ගොවීන්ට එලෙසම ගිණුමක් විවෘත කිරීමට පවා නොහැකි බවයි.

කෙසේ වෙතත් මේ සම්බන්දයෙන් අදහස් දක්වමින් සහයෝගිතා අමාත්‍ය සෙල්ලූර් කේ. රාජු මහතා පවසා ඇත්තේ මේ පිලිබදව මේ වන විට පැමිණිලි  ලැබී ඇති බවත් ඒ සදහා අවශ්‍ය පියවර ගැනීමට අදාල නිලධාරීන් දැනුවත් කර ඇති බවයි. මෙම සිදුවීම සිදුව අැත්තේ ලිපිකරණයේ ඇතිවූ දෝෂයක් හේතුවෙන් බවත්,ගොවියන්ගෙන් 2% – 3%ත් අතර ප්‍රමාණයකට පමණක් මෙම ගැටළුව බලපා ඇති අතර අප්‍රේල් මස 15 වනදින වන විට මෙම ප්‍රශ්ණය විසදන බවයි අදාල බලධාරීන් සදහන් කරන්නේ.

2016 වසරේ අපේක්ෂිත මෝසම් වර්ෂාව නොලැබිම හේතුවෙන් තමන්ගේ වගාවන් පාළු වීම දරාගත නොහැකි වූ ගොවීන් 144දෙනෙක් සියදිවි නසා ගැනීමත් සමග තමින් නාඩු ප්‍රාන්තය නියගයෙන් පීඩා විදින ප්‍රාන්තයක් ලෙස නම් කිරීමට හිටපු තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය පනනීර්සෙල්වම් මහතා කටයුතු කරනු ලැබුවා. එලෙසම 2017 වසරේ අප්‍රේල් 04 වනදා මැඩ්‍රාස් අධිකරණය විසින් තමිල්නාඩු රජයට නියෝග කරනු ලැබුවේ සියළුම ගොවීන් වෙත ලබාදී ඇති ණය නැවත අයකරගැනිම අත්හැරදමන ලෙසයි.ඒ අනුව 2016 මාර්තු 31 වනදාට පෙර ලබාගත් සියළුම ණය මුදල් අත්හැර දැමීමට නියෝග කෙරුණත් මාධ්‍ය සදහන් කරන්නේ එම නියෝගය නිසි පරිදි ක්‍රියාත්මක වී නොමැති බවයි.

 

 

https://thelogicalindian.com ඇසුරිණි.

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article