Thursday, May 9, 2024

මිනීමැරුමකට බන්ධනාගාරගතවූ පුද්ගලයෙකු අභිරහස් ලෙස මියයයි?

Must read

මිනීමැරුමක් සම්බන්ධයෙන් බන්ධනාගාරයෙන් නිදහස් වූ පුද්ගලයෙකු දුම්රිය මාර්ගයක් අසල අභිරහස් ලෙස මිය ගොස් සිටියදී සොයා ගැනේ.

මිනීමැරුම් නඩුවකට සම්බන්ධ බවට සැකපිට 2022.12.31 වන දින කිලිනොච්චිය පොලිස් වසමේ විනායකපුරම් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන පසුගිය මාසයේදී නිදහස් වී පැමිණ ඇත.
මෙම පුද්ගලයා ( ජෝන් ප්‍රකාශ්)  ඊයේ රාත්‍රී 10.00 ට පමණ  අභිරහස් ලෙස මිය ගොස් ඇත.

මෘත ශරීරය කිලිනොච්චිය දිසා අධිකරණයේදී පරීක්‍ෂණයෙන් පසු පශ්චාත් මරණ පරීක්‍ෂණය සඳහා රැගෙන යාමට නියමිතය.මෙම මළ සිරුර මිනීමැරුමක් ද එසේත් නැතිනම් සියදිවි නසා ගැනීමක් ද යන්න පිළිබඳව කිලිනොච්චිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.

ටී.ශීවා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article