Sunday, May 19, 2024

මැලේසියානු ගුවන යානයක් නැවත හරවා යැවේ.

Must read

කටුනායක ගුවන් තොටුපලවෙත පැමිණෙමින් තිබූ MH179 නම් මැලේසියානු ගුවන් යානය එහි හටගත් කාර්මික දෝෂයක් නිසා නැවතත් ක්වාලාලම්පූර් ගුවන් තොටුපල වෙත හරවා යැවා තිබෙනවා.

ඊයේ රාත්‍රී 10.10ට ගමන් ඇරඹූ මෙම යානයේ අතිරේක බල සැපයුම (auxiliary power unit) ක්‍රියාත්මක නොවීම නිසා මේ ආකාරයෙන් යානය හරවා යැවීමට සිදුවී තිබෙනවා. ජලයට ඉහලින් යානය ගමන් කරන අවස්ථාවන් වලදී මෙම අතිරේක බල සැපයුම ක්‍රියාත්මක විය යුතු වනවා.

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ගුවන් පථයේ සිදුකරන අළුත්වැඩියා කටයුතු හේතුවෙන් ක්ෂණිකව ගුවන් යානයේ කාලසටටහන් යලි සකස් කිරීමේ ඇති අපහසුතාවය නිසා යානයේ ගමන්ගත් මගීන් ක්වාලාල්පූර් ගුවන් තොටුපල අවට ඇති හෝටල් වෙත යොමු කර ඇති අතර එන යානය MH179D ලෙස පස්වරු 3.30ට ගමන් අරඹා පස්වරු 4.35ට බණ්ඩාරනායක් ගුවන් තොටුපලට ලගාවීමට නියමිතව තිබෙනවා.

image_1487315876-a83fe064bb

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article