Sunday, May 19, 2024

ශ්‍රීලාංකීය යුධ වැන්දඹුවන් ලිංගික සූරාකෑමකට ලක්වෙනවා – හිටපු ජනපතිනිය

Must read

උතුරේ වසර 30කට අධික කාලයක් පැවැති යුධමය තත්වයෙන් තමන්ගේ ජිවිතය බේරාගැනීමට හැකිවූ කාන්තාවන් විශාල ප්‍රමාණයක් මේ වන විට එම ප්‍රදේශවල රාජ්‍ය නිලධාරීන් අතින් මෙන්ම ඇතැම් හමුදා නිලධාරීන් අතින් පවා විවිධ ලිංගිත අතවරයන්ට ලක්වන බව ජනවාර්ගික සංහිදියාව පිලිබද ක්‍රියාවලියේ ප්‍රධානියෙකු පසුගිය දින ප්‍රකාශ කලේය.

ජාතික එකමුතුව හා සංහිදියාව සදහා වන කාර්‍යාලයේ සභාපති වශයෙන් කටයුතු කරන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක් මහත්මිය ප්‍රකාශ කල සිටියේ වසර 37ක යුද්ධයෙන් වැන්දඹුවන් වූ කාන්තාවන්ට තමන්ගේ කාර්‍යයන් ඉටු කර ගැනීම සදහා නිරන්තරයෙන්ම එම ප්‍රදේශවල රාජ්‍ය සේවකයන්ගේ ලිංගික අවශ්‍යතාවයන් ඉටු කිරීමට සිදුවන බවයි.

හිටපු ජනපතිනිය පවසන ආකාරයට පහල ශ්‍රේණි වල රාජ්‍ය නිලධාරීන්(ග්‍රාම සේවක),අනිකුත් රාජ්‍ය සේවකයන් මෙන්ම දමිල රාජ්‍ය සේවකයන් පවා මේ ආකාරයේ ලිංගික අතරවර කිරීමේ කටයුතු වල නිරත වන අතර ඇය මේ බව විදේශීය මාධ්‍යෙව්දීන්ගේ සංගමය සමග පැවැති සාකච්ඡාවකදී පවසා ඇත. කුමන හෝ ලියවිල්ලකට අත්සන් කිරීමට පවා පැමිණෙන කාන්තාවන්ට අතවර කිරීමට නිළධාරීන් යොමුවන අතර ඇතැම් විට හමුද් නිලධාරීන් පවා එවැනි කටයතු වලට සම්බන්ද වන බවත් ඇය වැඩි දුරටත් පවසා සිටියාය.

මෙලෙස දිනෙන් දිනම විවිධ අවදානම් තත්ව වලට මුහුණ දෙන කාන්තාවන් එම තත්වයෙන් ඉහලට එසවීම සදහා ඔවුන්ගේ ජීවනෝපාය ක්‍රම ශක්තිමත් කල යුතු බව පවසන හිටපු ජනපතිනිය, කාන්තාවන්ට ජීවනෝපාය ක්‍රමයක් ඇති අවස්ථාවන් වලදී ඔවුන් සමාජයට මුමුණ දීමට ශක්තිමත් බවත්,ඒ නිසා ඔවුන් වඩාත් සුරක්ෂිත බවත් ඇය වැඩි දරටත් පවසා සිටියාය.

දිගින් දිගට සිදුවන මෙම ලිංගික අතවර කිරීම් නිසා මේ වන විට කාන්තාවන් විශාල ප්‍රමාණයක් කම්පනයට පත්වී ඇති අතර ඔවුන්ට මනෝවෛද්‍යවරුන්ගේ සහය අවශ්‍ය වූවත් ඒ සදහා වන සුදුසු වෛද්‍යවරුන් ප්‍රමාණවත් නොවන බවත් පැවසූ ඇය භාෂා ප්‍රශ්නයක් පවතින නිසා විදේශීය වෛද්‍යවරුන්ගේ සේවය ලබා ගැනීමටද නොහැකි බව පවසා සිටියාය.
යුද්ධයෙන් පසු තමන්ගේ අනෙකුත් වැඩකටයුතු සදහා අත්‍යවශ්‍ය හැදුනුම්පත්,උප්පැන්න සහතික වැනි ලියවිලි නිර්මණය කරගැනීමට යාමේ දී කාන්තාවන් මෙවැනි අත්දැකීම් වලට මුහුණ දෙන බව පැවසූ ඇය, ශ්‍රීලංකාව තුල රාජ්‍ය සේවකයන් හා හමුදා සෙබළුන් මෙවැනි ලිංගික අතවර කිරීම් වැනි අපරාධ වලට සම්බන්ද වූ අවස්ථාවන් දුලභ බවත් පවසා සිටියාය.නමුත් 2010 වසරේදී යුද්ධය අවසන් වී කෙටි කාලයකට පසු තරුණ දමිල මවක් සමූහ දූෂණයට ලක්කිරීමේ සිදුවීමක් සම්බන්දයෙන් වසර 25ක සිරදඩුවම් ලැබූ හමුදා සෙබළුන් 4දෙනෙකු සම්බන්දයෙන්ද සිදුවීමක් වාරථා වු බව කියා සිටියාය.

image_1487214377-99f54f2b57
www.dailymirror.lk ඇසුරිනි.
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article