Saturday, May 18, 2024

මැතිවරණයක් කැදවිම නීතිවිරෝධියි ! රාජිත කියයි !

Must read

Rajitha-nightඉතිහාසයේ කිසිදු කළක නැති අන්දමේ දේශපාලන උණුසමක් සහ උද්යෝගයක් රටතුල දැන් මතුව තිබේ. ජනපති සිරිසේනගේ ව්‍යවස්ථා විරෝධි පාර්ලිමේන්තු විසුරුවා හැරිමත් සමගින් මේ උණුසුම දැන් දෙගුණ තෙගුණ වෙමින් තිබේ.
පවතින තත්වය පිළිබදව එක්සත් ජාතික පෙරමුණ ඊයේ මැදියම් රැයේදිම අරලිය ගහ මැදුරෙදි පුවත් පත් සකච්ජාවක් කැදවා තිබුණි.
එහිදි අදහස් දැක්වු රාජිත සේනාරත්න මහතා කියා සිටියේ ජනපති සිරිසේනගේ මැතිවරණ කැදවිම නීතිවිරෝධි බවය.

‘‘ජනාධිපතිවරයාගේ සහ නීති විරෝධී අගමැතිවරයාගේ පළවුවැනි අඩව්ව පරාදයි. පාර්ලිමේන්තුව කැඳවලා 113ක බලය පෙන්වන්න පුලුවන් කියලා ඊයේ වෙනකම් කයිවාරු ගැහුවා.   ඒත්  ඒ පැත්තෙන්ම කියලා තිබ්බා 104ක මන්ත්‍රී සංඛ්‍යාවක් ඉන්නේ කියලා. තව අටක් නමයක් මදි කියලා අද කියලා තිබ්බා. පළමුවෙනි තරගය එයාලා පරාදයි.

දැන් ගැසට් නිවේදනයක් ගහලා තියෙනවා මැතිවරණයක් කැඳවන්න. වර්තමාන ව්‍යවස්ථාව යටතේ එතුමාට කිසිම බලයක් නෑ පාර්ලිමේන්තුව විසිරුවන්න.  මෙය නීති විරෝධී මැතිවරණයක්. පාර්ලිමේන්තුවේ 113 පෙන්වීමට ගෙන ගිය නීති විරෝධී සටනම තමයි මේ. මේකෙනුත් ඔහු පරදිනවා.  ලබා දුන් මැතිවරණය අවලංගු කරන තැනට පත්වීම ලංකාවේ පළමු වරට සිදුවෙයි.

මේ ජනාධිපතිවරයා අපි එක්ක එදා එළියට බැස්සේ ජනාධිපති බලතල පාවිච්චි කරන්නේ නෑ කියලා. ඒ කියපු ජනාධිපතිවරයාම අද ව්‍යවස්ථාවේ නැති දේවලුත් කරනවා. අංශක 180කින් එතුමා කරකවාගෙන තියෙනවා. එතුමා අද පළිගන්නේ එතුමා පත්කරවපු අයගෙන්මයි.    එතුමා පරාද කරන්න හදපු අයත් එක්කයි අද ඉන්නේ. මෙහෙම ජනාධිපතිවරයෙක් මුලු ලෝකයේම අපි අහලා නෑ. ඒකාධිපති ජනාධිපතිවරුවත් හතුරන් එක්ක එකතු වෙලා මිතුරන්ට පහර දීපු අවස්ථා නෑ. දැන් මැතිවරණයක් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. මැතිවරණයටත් අපි ලෑස්තියි. මැතිවරණය අවලංගු කරවන්නත් අපි ලෑස්තියි.

අපි පුළුල් ප්‍රජාතන්ත්‍රවාදී සංධානයක් හදනවා. අපි ඔහුගේ නියෝග සහ ඔහුව පරාද කරනවා. අද ප්‍රජාතන්ත්‍රවාදී සියලු දෙනා අපි එක්ක ඉන්නවා. අද වෙනකොට මේ රජය ජාත්‍යන්තරය පිළිගන්නේ නෑ. මේ පත් කිරීමේ ලෝකය පිළිගන්නේ නෑ. මේක 21 වැනි ශතවර්ෂය. අපිට ලෝකය නැතුව යන්න බෑ.  මැතිවරණයකට මුදල් වෙන් කරලත් නෑ. මුදල් වෙන් කරන්න නම් පාර්ලිමේන්තුවෙන් කරන්න ඕනෑ. වෙනත් වැය ශීර්ෂවලින් ගන්නවා නම් පාර්ලිමේන්තුව නැතුව ගන්න බෑ.
‘එකක් කඩතොලා වසා ගන්නට ගිහින් මට වුණු වියෝයා, දෙකක් කඩතොලු හදා ගත්තයි ඉඳුරුවේ ආචාරියා ‘ ඉඳුරුවේ ආචාරියාගේ තත්ත්වෙට තමයි මේ ජනාධිපති ආචාරියත් පත්වෙලා තියෙන්නේ. මට කණගාටුයි මෙතුමා උස්සගෙන මම ආපු එක ගැන. ඒක විතරයි කණගාටුවට තියෙන්නේ.  මෙවැනි පුද්ගලයෙක් එක්කද අපි ප්‍රජාතන්ත්‍රවාදී අරගලය කරන්න ආවේ කියලා අපිට කණගාටුවක් තියෙනවා. එතුමාට සටන ඉවර වුණාට අපිට සටන ඉවර නෑ.  සටන දිගටම ගෙනිහින්  ජනතාවගේ සටනක් වශයෙන් ජයග්‍රහණය කරලා කෙරවල කරනවා.

පොලිස්පති තීන්දු ගන්නවා. කොමිසම ඒක ප්‍රතික්ෂේප කරනවා. ඒ වගේම තමයි මැතිවරණ කොමසාරිස් වැරදි තීන්දුවක් ගත්තොත් ස්වාධීන මැතිවරණ කොමිසමට පුලුවන් ඒක ප්‍රතික්ෂේප කරන්න.

මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ දේහය ඉදිරිපිට ජනපති පොරොන්දු වුණා විධායක බලතල අයින් කරනවා කියලා. ඒ දේහය ඉදිරිපටත් පොරොන්දු වෙලා ඒ පොරොන්දු කඩන්නේ. නැති බලතලත් පාවිච්චි කරනවා. මොනවා වුණත් මහින්ද රාජපක්ෂවත් නැති බලතල පාවිච්චි කළේ නෑ. ව්‍යවස්ථාව වෙනස් කරලා ඒ බලතලයි පාවිච්චි කළේ. මේ ව්‍යවස්ථාවේ නැති බලතල පාවිච්චි කරනවා. ‘‘
මුලාශ්‍රය – ලංකාදිප

~

විඩියෝ මුලාශ්‍රය – ලංකා නිව්ස වෙබ්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article