Sunday, May 5, 2024

113 පෙන්නගන්න බැරිවුණ ජනපති පාර්ලිමේන්තුව විසුරුවාලිම නිසා පෙන්ෂන් අහිමි වු 58 දෙනා !

Must read

My 3113 ක බහුතරය හදාගැනිමට අන්තිම තුරුම්පුවක් ලෙසින් පෙන්ෂන් එක පවා අහිමි කරනවා යැයි අභියෝගයක් මතුව තිබුන බව ගැනද මාධ්‍ය වාර්ථා කොට තිබුණි.කෙසේ වෙතත් දැන් එය යථාර්ථයක් වි ඇති අයුරු මව්බිමට පුවත් පත අද දිනයේ වාර්ථා කොට තිබුණි.සැබැවින්ම පාර්ලිමේන්තුව විසුරුවාලිමේ තින්දුවටත් මත්තෙන් සටහන් කෙරුණ මේ පුවත විසින් මෙසේ පෙන්ෂන් අහිමි වන 58 දෙනා කව්දැයිද සදහන් කර තිබේ.

පාර්ලිමේන්තුව නියමිත කාලයට පෙර ජනාධිපති මෛත්‍රිපාල විසින් විසුරුවා හරිනු ලැබුව හොත් දැනට පාර්ලිමේන්තු මන්ත්‍රි ධුර දරමින් සිටින මන්ත්‍රිවරු 58 දෙනකුට විශ්‍රාම වැටුප අහිමි වනු ඇත.

වත්මන් අර්බුදය හමුවේ ජනාධිපතිවරයා ආණ්ඩුවේ වෙනස්කම් කර නව අගමැතිවරයකු හා ඇමැති මණ්ඩලයක් පත්කර ආණ්ඩුව පවත්වාගෙන යෑමට ක්‍රියා කරමින් සිටියදී එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් මන්ත්‍රිවරුන් විවිධ චෝදනා ඉදිරිපත් කරමින් නව රජය අපහසුවට පත් කිරීම සඳහා ක්‍රියාකරමින් සිටින බව මැදහත් විචාරකයෝ පෙන්වා දෙති.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින ප්‍රතිපාදන යටතේ, පවතින පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා වසර හතරහමාරක් බලා සිටීමේ අවශ්‍යතාවක් නොමැති බව පෙන්වා දෙන ඔවුහු ඕනෑම අවස්ථාවක පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් පැවැත්වීම සඳහා නාමයෝජනා කැඳවීමක් කළ හැකි බව සඳහන් කරති.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 (2) (ඇ) ව්‍යවස්ථාවේ ‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හෝ වෙනත් ලිඛිත නීතියකින් හෝ ප්‍රකාශිත වන ජනාධිපතිවරයා වෙත පවරා හෝ නියම කර ඇත්තා වූ බලතලවලට සහ කාර්යයන්ට අමතරව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව කැඳවීමට වාර අවසන් කිරීමට සහ විසුරුවා හැරීමට බලය ඇත්තේය’ යනුවෙන් පැහැදිලිව සඳහන් වී ඇති බැවින් ඕනෑම අවස්ථාවක ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකි බව නීති විශාරදයෝ පෙන්වා දෙති.

මේ තත්ත්වය යටතේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් යම් හෙයකින් පාර්ලිමේන්තුව නියමිත කාලයට පෙර විසුරුවා හැරීමක් කළහොත් මලික් සමරවික්‍රම, සරත් ෆොන්සේකා, එච්.ආර්. සාරථී දුෂ්මන්ත, කරුණාරත්න පරණවිතාන, කේ. කාදර් මස්තාන්, අංගජන් රාමනාදන්, හෙක්ටර් අප්පුහාමි, සිසිර කුමාර අබේසේකර, තුෂාර ඉඳුනිල් අමරසේන, ආනන්ද අලුත්ගමගේ, එස්.එම්. මොහමඩ් ඉස්මායිල්, ඒ. අරවින්ද කුමාර්, වේලු කුමාර්, නාලක ප්‍රසාද් කොළොන්නෙ, කවීන්දිරන් කොඩීස්වරන්, චන්දිම ගමගේ, ඩී.වී. චානක, සිසිර ජයකොඩි, මලිත් ජයතිලක, නලින්ද ජයතිස්ස, අනුරුද්ධ ජයරත්න, කාවින්ද හේෂාන් ජයවර්ධන, මයිල්වාගනම් තිලකරාජා, පියල් නිශාන්ත ද සිල්වා, මයන්ත දිසානායක, මොහම්මදු නසීර්, අයි.

චාල්ස් නිර්මලනාදන්, සනත් නිශාන්ත පෙරේරා, සුජිත් සංජය පෙරේරා, අශෝක ප්‍රියන්ත, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, එස්. ප්‍රේමරත්න, බන්දුලලාල් බණ්ඩාරිගොඩ, තාරානාත් බස්නායක, තාරක බාලසූරිය, එම්.අයි. මොහමඩ් මන්සීර්, එස්.එම්. මරික්කාර්, ඉම්රාන් මහරුෆ්, ආශු මාරසිංහ, ප්‍රසන්න රණතුංග, ප්‍රසන්න රණවීර, ඉෂාක් රහුමාන්, මුජිබර් රහුමාන්, හර්ෂණ රාජකරුණා, ජයම්පති වික්‍රමරත්න, තුසිතා විජේමාන්න, රෝහිණී කුමාරි විජේරත්න, චමින්ද විජේසිරි, කාංචන විජේසේකර, හේෂා විතානගේ, එස්. ජයලේන්ද්‍රන්, ඥානමුත්තු ශ්‍රී නේෂන්, ශාන්ති ශ්‍රී ස්කන්ධරාජා, සන්දිත් සමරසිංහ, එස්. සිවමෝහන්, චතුර සන්දීප සේනාරත්න, විජේපාල හෙට්ටිආරච්චි, ඉන්දික අනුරුද්ධ හේරත් යන මන්ත්‍රිවරු අට වැනි පාර්ලිමේන්තුවට පත් වී වසර පහක කාලයක් සම්පූර්ණ වී නොමැතිවීම නිසා ඔවුන්ට විශ්‍රාම වැටුපට හිමිකම් නොලැබෙනු ඇත.
මුලාශ්‍රය -මව්බිම

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article