Friday, May 17, 2024

මාධ්‍යවේදී කීත් නොයර් පැහැර ගැනීම: මේජර්වරයකු ඇතුලු හමුදාවේ 3ක් අත්අඩංඟුවට.

Must read

OLYMPUS DIGITAL CAMERA
OLYMPUS DIGITAL CAMERA

2008 මැයි 22 දින වැඩ අවසන්ව නිවෙසට පැමිණෙමින් තිබියදී මාධ්‍යවේදී කිත් නොයාර් පැහැර ගෙන යෑම අයුතු ලෙස සිරකර තබා ගැනීම සහ පහරදීම සම්බන්ධයෙන් සැකපිට යුද හමුදා සාමාජිකයින් තුන් දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ එනම් පෙබරවාරි 17දා පොලීසිය විසින් අත්අඩංගුවට

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මාධ්‍යට පවසා සිටියේ  මෙලෙස අත්අඩංගුවට ගත් යුද හමුදා සාමාජිකයින් අතර මේජර්වරයෙකු ද සිටින බවය.

මූලික ප්‍රශ්න කිරීම්වලින් පසු ඔවුන්  18දා ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

කීත් නොයර් පැහැර ගත් දිනට පසු දින මාධ්‍ය නිවේදනයක් නිකුත් කළ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය මෙසේ කියා සිටියේ ය.

============

නිදිහස් මාධ්‍ය ව්‍යාපාරය./ 2008 මැයි 23, කොළඹ,

ද නේෂන් සතිපතා ඉංග‍්‍රීසි පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ සහ ආරක්ෂක තොරතුරු විශ්ලේෂක කීත් නෝයාර් මහතා ඊයේ සවස පැහැරගෙන ගොස් ඉතා දරුණු ලෙස පහර දීම සම්බන්ධයෙන් අප මාධ්‍ය සංවිධාන පහ සිය බලවත් කම්පනය සහ විරෝධය පළ කර සිටී. බරපතල ලෙස පහර දෙනු ලැබූ කීත් මහතා අද පාන්දර නැවත ඔහුගේ නිවසට ගෙනවිත් දමා තිබේ.

ඊයේ රාත‍්‍රී 10.30 ට පමණ සිය කාර්යාලයෙන් පිටත් වූ කීත් මහතා සුපුරුදු පරිදි නිවසට පැමිණ නැත. විදුලි පහන් දැල්වෙමින් එන්ජිම ක‍්‍රියාත්මක වෙමින් තිබූ ඔහුුගේ වාහනය ගේට්ටුව ඉදිරිපිට නවතා තිබියදී සොයා ගෙන ඇත. තම නිවස දෙසට වාහනය හරවා, ගේට්ටුව විවෘත කිරීමට වාහනයෙන් බැස්ස අවස්ථාවේදී ඔහුව පැහැරගෙන යන්නට ඇති බව මේ අනුව පෙනී යයි.

උතුරේ යුද්ධය පිළිබඳව ස්වාධීනව විග‍්‍රහ කරමින් වාර්තාකරණයේ යෙදීම මිස මේ අවස්ථාවේදී කීත් නෝයාර් මහතාව පැහැරගෙන යාමට වෙන කිසිදු හේතුවක් නැත.  ඔහුගේ ලිපි සහ වාර්තා බොහොමයක් යුද්ධය සම්බන්ධයෙන් ආණ්ඩුවේ පිළිවෙත සහ ඉහළ පෙළේ හමුදා නිලධාරීන් පිළිබඳ විවේචනාත්මක ඒවා විය. අපට දැනගැනීමට ලැබුණු තොරතුරු අනුව, පසුගිය කාලයේදී දිගින් දිගටම එල්ලවු තර්ජන හමුවේ කීත් නෝයාර් මහතාට තම ආරක්ෂාව සම්බන්ධයෙන්  යම් යම් පියවර ගැනීමට පවා සිදු වී ඇත.

මේ වනාහි හුදෙක් ප‍්‍රකාශනයේ නිදහස උල්ලංඝණය කිරීමක් හෝ මාධ්‍ය නිදහසට තවත් පහරක් එල්ල කිරීමක් හෝ් පමණක් නොවේ.  ශ‍්‍රී ලංකාව මූලික මිනිස් අයිතීින් කිසිලෙසකින්වත් ගරු නොකරන,   නීතියේ පාලනය ක‍්‍රියාත්මක නොවන රටක් බව සනාථ කෙරෙන අතොරක් නැති සාක්ෂි ගොඩට එක්වන තවත් එක් සාක්ෂියකි.

කීත් නෝයාර් මහතා පැහැරගෙන ගොස් පැය කීපයක් ඇතුළත දී ද නේෂන් පුවත්පත් සමූහය සහ මාධ්‍ය නිදහස වෙනුවෙන් පෙනී සිටින සංවිධාන එක්ව ඔහු වහා නිදහස් කරන ලෙස ඉල්ලා ප‍්‍රබල උද්ඝේෂණ ව්‍යාපාරයක් ගෙන ගිය අතර, ඔහු නැවත ආපසු නිවසට පැමිණෙන තුරු මුළු රාත‍්‍රීය පුරාම ඔහු මුදවාගැනීිමට සඳහා ගත හැකි සෑම සියලූ පියවරක්ම ගත්තෝය.

මේ සාහසික ක‍්‍රියාව අප මාධ්‍ය සංවිධාන පහ විසින් එකහඬින් හෙළා දකින අතර මේ සිදුවීම පිළිබඳව වහාම විමර්ශනයක් කළ යුතු බවට ආණ්ඩුවට බල කර සිටී. මේ ම්ලේච්ඡ ක‍්‍රියාවේ අපකීර්තියෙන් ආණ්ඩුවට නිදහස් විය හැක්කේ ඉතා ඉක්මනින් විවෘත පරීක්ෂණයක් කොට අදාළ වරදකරුවන් නීතිය ඉදිරියට ගෙන ඒමෙන් පමණකි. වරදකරුවන් නීතිය හමුවට ගෙන එන තුරු මේ පැහැරගෙන යෑම සහ ම්ලේච්ඡු පහර දීම සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම, රට තුළ දිගින් දිගටම සිදුවන මාධ්‍ය නිදහස උල්ලංඝණය කිරීම සහ මාධ්‍යවේදීන්ට පහරදීම් නැවැත්වීමට මේ දක්වා කිසිදු පියවරන් නොගත් ශී‍්‍ර ලංකා ආණ්ඩුව මත පවරන බව අප මාධ්‍ය සංවිධාන පහ අවධාරණයෙන් කියා සිටී.

කීත් නෝයාර් මහතා නැවත නිවසට ගෙන්වා ගැනීමට ගත් උත්සාහයේදී නන් අයුරින් සහය පළ කළ සියලූම ආයතන සහ පුද්ගලයින්ට අප මාධ්‍ය සංවිධාන පහ මේ අවස්ථාවේදී කෘත්‍යඥතාව පළ කර සිටී.

පහත දැක්වෙන්නේ මාධ්‍ය සංවිධාන එක්ව කීත් නොයර් පැහැර ගැනීම සහ පහරදීම සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් ඉල්ලා පැවැත්වූ උද්ඝෝෂනයේ අවස්ථාවන්ය.

Home

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article