Friday, May 17, 2024

අක්ෂි කාච මිල නියාමනය කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යවරයා පවසයි.

Must read

521472rajitha-senarathneලබන සතියේ සිට අක්ෂි කාච මිල නියාමනය කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යවරයා පවසයි.

එයට අදාල  ගැසට් නිවේදනය සකස් කර මුද්‍රණය කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස තමන් සෞඛ්‍ය ලේකම්වරයාට උපදෙස් ලබාදුන් බවයි සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න  පවසන්නේ.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය ආයතන ප්‍රධානීන්ගේ රැස්වීමක් සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් 13 සඳුදා  හම්බන්තොට නව පරිපාලන ගොඩනැගිල්ලේ දී පැවැති අවස්ථාවේදී    අමාත්‍යවරයා ඒ ගැන ප්‍රකාශ කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

රුපියල් 8,000 යි

රුපියල් 30,000 කට පමණ දැනට අලෙවි වන අක්ෂි කාචයක් මිල නියාමනය කිරීමෙන් පසු රුපියල් 8,000 කට මිලදි ගැනීමට රෝගීන්ට අවස්ථාව උදාවනු ඇති බව රජය සඳහන් කරයි.

අක්ෂි කාච මිල නියාමනය කිරීමෙන් ආනයනික සමාගම් වලට අසාධාරණයක් සිදුනොවන අතර  ඖෂධ මිල තවත් පාලනය කරන බවත් පෞද්ගලික රෝහල්, නර්සිං හෝම්, රසායනාගාර සේවා ගාස්තු ද මිල ඉදිරියේ දී නියාමනය කිරිමට  බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා එහිදී වැඩි දුරටත් පවසා තිබේ.

මෙම අවස්ථාවට නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස, හිටපු කථා නායක චමල් රාජපක්ෂ , දකුණු පළාත් සභා විපක්ෂ නායක තෙන්නකෝන් නිලමේ  ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් රැසක් එක්ව ඇත.
www.gagana.com

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article