Thursday, May 2, 2024

මාධ්‍යවේදින් ඇගයිම මේ වසර අගදි !

Must read

kilinochchi-media-මාධ්‍යවේදීන් ඇගයීමේ ජාතික සම්මාන උළෙල ජනමාධ්‍ය අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් මේ වසර අගදී පැවැත්විීමට අපේක්ෂා කරන බව මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමති ලසන්ත අලගියවන්න මහතා පවසයි  එහිදී ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ද ඇගයීමට ලක් කෙරේ.  ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ මෙහෙයවීමෙන් ගම්පහ දිස්ත්‍රික් මාධ්‍යවේදීන් වෙනුවෙන් ගම්පහදී අද ආරම්භ වු වැඩමුඵවේදී ඇමතිවරයා මේ බව පැවසීය. සංහිදියාව තේමා කරගනිමින් එම වැඩමුඵව පැවැත්වෙයි.  සියඵ මාධ්‍යවේදීන්ගේ යහපත සදහා විශේෂ වැඩපිළිවෙලක් ඉදිරි මාසයේදී සැලසුම් කරන බව ඇමතිවරයා කීය.  ඔවුන්ගේ පහසුකම් වැඩිකිරීමට ඒ යටතේ පියවර ගැනේ.  ප්‍රාදේශීය මාධ්‍යවේදීන් ලියාපදිංචිය දිරිමත් කෙරේ.  මාධ්‍යවේදීන් වෙනුවෙන් පවත්වනු ලබන පාඨමාලා ප්‍රමිතිගත කෙරෙනු ඇත.  ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අජිත් මාන්නප්පෙරුම දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් යන මහත්වරුද මෙම අවස්ථාවට එක්වුහ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article