Saturday, May 18, 2024

මහනුවර සිද්ධියේදී සියලු මාධ්‍ය වගකීමෙන් කටයුතු කළා – ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංසඳය

Must read

Electornic media

සියලු වාද භේද පසෙක තබා ජාතික සමඟිය වෙනුවෙන් වගකීම් සහිත සියලුම මාධ්‍ය කටයුතු කළ බව ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංසඳයේ සභාපති , ජාතික රූපවාහිනී සංස්ථාවේ සභාපති රවී ජයවර්ධන මහතා පැවසීය.

එවැනි වගකීම් සහිත මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් සියලුම මාධ්‍ය වෙත සිය ස්තූතිය ප්‍රකාශ කළ ඒ මහතා ප්‍රකාශ කළේ ඉදිරියේදී ජාතික ආර්ථික, සමාජීය වගකීම් වෙනුවෙන් මෙම සංසඳය කටයුතු කිරීමට අපේක්ෂා කරන බව ද පෙන්වා දුන්නේය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (09) පැවති මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව සඳහන් කළ අතර වසර 30ක යුද්ධයකින් පීඩා විද රටක් නැවත ඒ තත්ත්වයට ගෙන යාම වැළැක්වීමට අප සියලු දෙනා කටයුතු කළ යුතු බව ද සඳහන් කළේය.

කලාපයේ අනෙකුත් රටවල් වේගවත් ලෙස ඉදිරියට ගමන් කරමින් සිටින බව පෙන්වා දුන් සභාපතිවරයා ශ්‍රී ලංකාව පසුපසට යාම වැළැක්වීම සඳහා කටයුතු කළ යුතු බව ද පෙන්වා දුන්නේය.

මාධ්‍ය ආචාර ධර්ම පද්ධතියක් තුළ සිට මහනුවර ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් සියලු මාධ්‍ය කටයුතු කර තිබෙන බවත් රටේ ආර්ථිකයට ජනතාවට බලපෑම් සිදු වන කරුණු සම්බන්ධයෙන් දීර්ඝ කාලීන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංසඳයේ  ලේකම්, දෙරණ නාලිකාවේ උප සභාපති ලක්සිරි වික්‍රමගේ මහතා පැවසීය.

ඒ මහතා ප්‍රකාශ කළේ ප්‍රවෘත්ති විකාශනයට අමතරව අනෙකුත් මාධ්‍ය වැඩසටහන් මාලාවක් ඔස්සේ ජාතික වශයෙන් ජනතාව දැනුම්වත් කිරීමට අපේක්ෂා කරන බවත් වැරදි මත භේද නිසා සමාජයේ ගැටුම් ඇති විය හැකි බවත් වික්‍රමගේ මහතා පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංසඳයේ භාණ්ඩාගාරික, වී ගුවන්විදුලි නාලිකාවේ සභාපති ශනිල් මෙන්ඩිස් මහතා ඇතුළු විද්‍යුත් මාධ්‍ය ප්‍රධානීන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
www.news.lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article