Friday, May 17, 2024

මන්ත්‍රී නාමල්ට ඇප.

Must read

namal-apa

අධිකරණ නියෝග කඩ කළ බවට චෝදනා එල්ල වීම නිසා පසුගියදා රක්ෂිත බන්ධනාගාර ගතකල පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා ඇතුළු 8 දෙනෙකුට අද දිනයේදී අධිකරණයෙන් ඇප ලබාදී තිබෙනවා. පසුගිය 6 වනදා හම්බන්තොට පැවැත්වූ උද්ඝෝෂණයක් සම්බන්දයෙන් අධිකරණය විසින් ලබාදුන් නියෝග කඩකිරීමේ චෝදනාවන් නිසා  පසුගියදා රාජපක්‍ෂ මහතා හා තවත් මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ඇතුළු 40 දෙනෙකු අද හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

අධිකරණයට ඉදිරිපත් කළ මෙම පිරිසෙන් නාමල් රාජපක්‍ෂ, ඩී වී චානක, සම්පත් අතුකෝරළ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු අට දෙනෙකුට එක් අයෙකුට රුපියල් ලක්‍ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමටයි අධිකරණය නියෝග කළේ. මෙම නඩුව ලබන 30 වනදා යළි විභාගයට ගැනීමට නියමිතයි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article