ranil-wickremasinghe-1බැඳුම්කර කොමිසම ඉදිරියේ ඉදිරිපත් වූ කරුණුවල දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පිළිබඳ සඳහන් වූ හෙයින් කොමිසමට අවශ්‍ය ඕනෑම අවස්ථාවක කරුණු පැහැදිලි කිරීමට අගමැතිවරයා සූදානමින් සිටින බව අග්‍රමාත්‍ය කාර්යාලය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින්  අග්‍රමාත්‍ය කාර්යාලය මේ බව ප්‍රකාශ කරන අතර ජනවාරි 08 වැනි දා මෙරට ජනතාව බහුතර ජනවරම ලබා දුන්නේ යහපාලනය සහ ප්‍රජාතන්ත්‍රවාදය යළි තහවුරු කරලීමට බැවින් රජයට හෝ රජයේ නිලධාරීන්ට චෝදනා එල්ල වන අවස්ථාවන්හිදී ඒ පිළිබඳව පරීක්‍ෂණ පැවැත්වීමට ද, සොයා බැලීමට ද රජය හැම විටම ක්‍රියා කර ඇති බව එහි පෙන්වා දෙයි.

ඉදිරියට ද ඒ පිළිවෙතම අනුගමනය කරන බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.