Friday, May 17, 2024

නුදුරේදීම ලෝක සිතියමට තවත් රටක් එක්වන ලකුණු

Must read

Catalan in Souht Europe

පසුගිය දිනයකදී පැවැත්වූ ජනමත විචාරණයක් මගින් ස්පාඤ්ඤයෙන් වෙන්ව නිදහස් රාජ්‍යයක් බවට පත්වීමට කැටලෝනියා ස්වයංපාලිත බල ප්‍රදේශය තීරණය කර තිබෙනවා. මේ අනුව නුදුරේදීම ලෝක සිතියමට තවත් රාජ්‍යයක් එකතුවනු ඇති. මේ වන විට මෙම නව රාජ්‍ය ලෝක දේශපාලනයේ දැඩි අවධානය දිනාගෙන තිබෙන බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්ථා කරන්නේ.

‘කැටලන්’ නැත්නම් කැටලෝනියා ලෙස හැදින්වෙන් මෙම ප්‍රදේශය පිහිටා තිබෙන්නේ ස්පාඤ්ඤ සිතියමේ නැගෙනහිර දෙසින් ‘ඉබේරියානු’ අර්ධද්වීපය තුල වන අතර වර්ග කිලෝ මීටර් 32,108 ක විහිද යන ‘කැටලන්’ දේශය ස්පාඤ්ඤ භූමියෙන් හයෙන් එකක ප්‍රමාණයකින් සමන්විතයි.ඊට අමතරව මේ කැටලන් ප්‍රදේශය  බාසිලෝනා, ශිරෝනා, ල්යේතා සහ ටැරගෝනා නම් පළාත් හතරකින්ද සමන්විත වන අතර එහි අගනුවර ලෙස සැලකෙන්නේ බාසිලෝනා නගරයයි.

කැටලෝනියා රාජ්‍යයේ දේශසීමා සැලකීමේදී එක් දේශසීමාවක් ප්‍රංශය වන අතර අනෙක් සීමය වන්නේ මධ්‍යධරණී මුහුදයි. මේ වන විට කැටලෝනියාවේ අසූලක්ෂයකට ආසන්න ජනගහනයක් සිටින අතර එය ස්පාඤ්ඤයේ සමස්ත ජනගහනයෙන් 16% ක්.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article