Monday, May 20, 2024

මඩු ආසන්නයේ ගම්මාන රැසකට ජල හිඟයක්

Must read

මන්නාරම දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ තොරතුරුවලට අනුව මන්නාරම දිස්ත්‍රික්කයේ නියඟය හේතුවෙන් මඩු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ගම්මාන රැසකට බලපෑම් එල්ල වී තිබේ.

විශේෂයෙන්ම මඩු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මල්ලවරාජන් කට්ටයිඩම්බන්, මාතා ගම්මානය, පෙරිය මුරුප්පු, ඉරණයි ඉලුප්පකුලම්, කීරිසුත්තන් වැනි ප්‍රදේශ නියගයෙන් විපතට පත්ව ඇති බව දන්වා ඇත.

නියඟය හේතුවෙන් එම ගම්මානවලට අයත් පවුල් 952කට අයත් පුද්ගලයින් 3244 දෙනෙකු සෘජුව පීඩාවට පත්ව ඇති බවට මන්නාරම දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය තොරතුරු ලබාදී තිබෙනවා.

මෙම වියළි කාලගුණය තවදුරටත් පැවතියහොත් විපතට පත් පවුල් සංඛ්‍යාව කිහිප ගුණයකින් ඉහළ යා හැකි බවට අනතුරු අඟවා තිබේ.

එස්.ආර්.ලැම්බර්ට්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article