Sunday, May 19, 2024

බැඳුම්කරයට කොමිසම් දාපු ජනපතිට ඝාතනයට ලක්වු මාධ්‍යවේදින් අමතක වෙයි !

Must read

Met-PM-32014 දෙසැම්බර් 10 වෙනිදා මාධ්‍ය නිදහස සදහා වු ක්‍රියාකාරි කමිටුව විසින් ජනාධිපති අපෙක්ෂකයන් සදහා පැවැත්වු විශේෂ රැස්වීමකට  සහභාගි වු මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා එහි රැස්ව සිටි මාධ්‍යවේදින්ට අපුරු කථාවක් කියා සිටියේය.
තමන්ද මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කර ඇති අයෙකු බවත් එබැවින් තමන්ගේ පාලනයක් යටතේ කිසිසේත්ම මාධ්‍යවේදින් හට කිසිදු හිරිහැරයක් නොකරන බවත් සදහන් කරමින් ප්‍රතිඥාවක් ලබාදුණි.
මේ ප්‍රකාශය සිදුකරන ලැබ තිබුනේ එවකට විපක්ෂ නායක සහ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාද එහි සිටියදිය.
දැන් ප්‍රකාශය සිදුකර දැන් වසර 3 කට ආසන්න වෙමින් තිබේ.
පැවැති රාජපක්ෂ පාලනය පෙරළා දම්න්නට මරණය තර්ජන නොතකමින් පෙරමුණ ගෙන කටයුතු කරන ලද්දේ මාධ්‍යවේදින්ය.
මෙයට දරුණු ලෙස ප්‍රතිචාර දැක්වු රජපක්ෂ පාලනය මාධ්‍යවේදින් සහ මාධ්‍යසේවකයන් 44 දෙනෙකුගේ ජිවිත බිලිගත්තේය.
ඉන් 41 දෙනෙකුම දමිල මාධ්‍යවේදින් සහ මාධ්‍යසේවකයන් විය.
මාධ්‍යවේදින්ගේ ඝාතනකයන්ට එරෙහිව කටයුුතු කිරිම සදහා මැදිහහත්වන්නට යැයි කියමින් 2015 දෙසැම්බර් 10 වෙනිදා අගමැති රනිල් වික්‍රමසිංහ හට මාධ්‍යවේදින් විසින් මේ 44 දෙනාගේ විස්තරාත්මක තොරතුරු ලබා දි තිබුණි.
එමෙන්ම 2016 වසරේදි ජුලි මාසයේදි උතුරින් දකුණට පැමිණි මාධ්‍යවේදින් 56 දෙනෙකු පාර්ලිමේන්තුවේදි ජනපති සහ අගමැතිගෙන් ඉල්ලා සිටියේ අවම තරමින් ඝාතනයට ලක්ව සිටින ප්‍රධාන පෙලේ මාධ්‍යවේදින් කිපදෙනෙකුගේ වත් පරික්ෂණ ආරම්භ කිරිමට පියවර ගන්නා ලෙසය.
මේ අතර මාධ්‍ය සංවිධාන විසින්ද අවස්ථා ගණනාවකදිම ජනාධිපතිවරයාගේ අවධානයට මේකි ඉල්ලිම් යොමුකර තිබුණි.
වෘත්තිය ජනමාධ්‍යවේදින්ගේ සංගමය මෙන්ම නිදහස් මාධ්‍ය ව්‍යාපාරයද මේ සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමක් පිහිටුවන ලෙස ඉල්ලා සිටියේය.
එහෙත් ජනාධිපතිවරයා මෙන්ම අගමැතිවරයාද මේ ගැන දැන් සිටින්නේ මර නින්දකය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article