Tuesday, May 21, 2024

බැදුම්කර ගනුදෙනුවට හිටපු මහා බැංකු අධිපති ඇතුළු තුනක් සැකකරුවන් ලෙස නම් කරයි.

Must read

arjun-aloysius-kasun

බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොනු කර ඇති නඩුව ඊයේ (2) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී කැදවූ අවස්ථාවේ බැදුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණයේ සැකකරුවන් ලෙස හිටපු මහා බැංකු අධිපති අර්ජුන් මහේද්‍රන්, පර්පෙචුවල් ට්‍රේෂරිස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝෂියස් සහ කසුන් පලිසේන යන පුද්ගලයින් තිදෙනෙකු  කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නම් කෙරිණි.

එළබෙන 15 වෙනිදාට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ මහා බැංකු බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දෙන ලෙස ද කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විසින් හිටපු මහා බැංකු අධිපතිවරයා වෙත මෙහිදී නියෝගයක් ද නිකුත් කර ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article