Friday, May 17, 2024

බලහත්කාරයෙන් අතුරුදහන් කරවීමේ පණත නුදුරේදීම ක්‍රියාත්මක කරන බවට අගමැතිගෙන් ප්‍රකාශයක්

Must read

බලහත්කාරයෙන් අතුරුදහන්කරවීම් සම්බන්දයෙන් වන පණත ඉතා ඉක්මණනින් ක්‍රියාත්මක වන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබෙනවා. ඔහු මේ බව පවසා ඇත්තේ පසුගියදා වව්නියාව ප්‍රදේශයේ පැවැති රැස්වීම් අවස්ථාවකදීයි. රජය මේ වන විටත් බලහත්කාරයෙන් අතුරුදහන් කරවීමේ පනතට අනුමැතිය ලැබී ඇති බවත් දැන් ඇත්තේ එය ක්‍රියාත්මක කිරීමට පමණක් බවත් එහිදී ඔහු පවසා ඇත. ඊට අමතරව උතුරේ ජීවත්වන ජනතාවට සාධාරණය ඉටුවිය යුතු බවත්,උතුරේ තරුණප්‍රජාව සදහා රැකියා අවස්ථාවන් හිමිවිය යුතු බවත් තම රජය දන්නා අතර ඒ සදහා මේ වන විට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් ඒ මහතා පවසා ඇත. එලෙසම උතුරේ ජීවත්වන වැන්දඹූ ස්ත්‍රීන්ට අවශ්‍ය සහය ලබාදීමටත් තම රජය ක්‍රියාමාර්ග ගෙන ඇති බව ඒ අවස්ථාවේදී අගමැතිතුමන් වැඩිදුරටත් පවසා ඇත.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article