Friday, May 17, 2024

බස් රියදුරා බීලා ! පොලිසිය කියයි ? හැබැයි බස් රථය හොදට ගෙනාවා ! මගීහු කියති .

Must read

snapshot_003

 

තංගල්ලේ සිට අධිවේගී මාර්ගයේ කොළඹ යෑමට ගමන් ඇරඹි ලංගම බස් රථයක් වෙනත් මාර්ග නීතියක් කඩ කලේයැයි වරදකට ගන්දරදී පොලිසිය නතර කිරීමෙන් පසු බස් රථයේ රියදුරු බීමත් කමින් සිටි හෙයින් රියදුරු අත් අඩංගුවට ගත් බව ගන්දර පොලිසිය කියයි.
තංගල්ලෙන් (07) උදේ පිටත් වී අධිවේගී මාර්ගයෙන් කොළඹ දක්වා ධාවනය කිරීමට ගිය රත්මලාන ඩිපෝවට අයත් බස් රථයක රියදුරු බිමත් කමින් සිටියේ යැයි පවසා ගන්දර පොලිසිය මගින් රියදුරු අත් අඩංගුවට ගැනිමෙන් පසු කොළඹ බලා අධිවේගී මාර්ගයෙන් ගමන් කිරීමට ගිය මගීහු ගන්දර දී අතරමංවූ බව මගීහු පවසති.
තංගල්ලෙන් උදේ 7.45 ට පමණ බස් රථය මගින් රැගෙන පිටත් වු පසු අධිවේ ගී මාර්ගයට පිවිසිමට පෙර ගන්දර ප්‍රදේශයේ දි පොලිස් නිළධාරීන් විසින් බස් රථය නතර කිරීමෙන් පසු රියදුරු මත් පැන් පානය කර ඇති බව පවසා බස්රථයට ගොඩවූ පොලිස් නිළධාරීයෙක් බස් රථය පොලිස් ස්ථානයට රැගෙන යෑමට බස් රථය ප්‍රාණවත් කරන විට බස් රථයේ සිටි මගීන් එක්වරම බස් රථය තුල එහාට මෙහාට විසිවීම නිසා මගින් කළබලයට පත් වූහ. එවිට මගීන් විමසා සිටියේ සිදුවන්නේ කුමක්ද කියාය. ඒ අවස්ථාවේ දි පොලිස් නිළධාරින් ප්‍රකාශ කර සිටියේ රියදුරු මත් පැන්පානය කර ඇති බැවින් බස් රථය පොලිසියට ගෙනියන බවයි. snapshot_001
මේ අවස්ථාවේ දි මගීහු දැඩි ලෙස කල බල වන්නට විය. මහරගම පිළිකා රෝහලට යන රෝගීන් රෝගින් බැලිමට යන පිරිස්, වෙනත් රාජකාරි කටයුතු සඳහා නියමිත වේලාවට යන මගින බස් රථයේ සිටි හෙයින් මගීන් අසරණ තායට පත් වූහ.
පොලිස් නිළධාරීහු දිගින් දිගම මගීන් ට පවා බැණ වදිමින් බස් රථය පොලිසියට ගෙන යෑමට උත්සාහ දැරීය.
කෙසේ වෙතත්රියදුරු ත්‍රී රෝද රථයක නංවාගෙන පොලිස් ස්ථානය වෙත රැගෙන ගියහ.
අතර මංවූ මගින්ට මුදල් ආපසු ගෙවා දැමූ අතර අධිවේගී මගීන් යෑමට පැමිණි මගින් වෙනත් බස් රථවල නැගී පිටව යන්නට විය.
පොලිස් නිළධාරීන් බස් රථ්යේ මගීන්ට කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව එක්වරම බස් රථය මාර්ගයෙන් හරවා පොලිස් නිළධාරියෙක් බස් රථයට නැග බස් රථය ධාවනය කිරීම මගීන්ට මහත් කරදරයක් වූ බැවින් එයට මගීහු විරෝධය පලකලහ. මත් පැන් පානය කර ඇතැයි යන රියදුරුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම ගැන මගීහු පොලිසියට සිය ප්‍රසාදය ද පලකලහ.එහෙත් මගින් සම්බන්දව පොලිසිය දැක් වූ අකාරුණික භාවය ගැන මගිහු පොලිසියට චෝදනා කලහ.
මේ සම්බන්දව ගන්දර පොලිස් ස්ථානාධිපති වරයාගෙන් විමසීමේ දි කියා සිටියේ බස් රථයේ රියදුරු වෛද්‍ය වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු බීමතින් සිටිබව අනාවරණය වීමෙන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඇප ලබා දී ඇති බවයි.මගී ජනතාව වෙනුවෙන් සිදු වී ඇතැයි කියන අපහසුතාවය සම්බන්දව නිළධාරීන්ගෙන් වරදක් සිදුවූවාද කියා සොය බලන බවත්ය. මෙලෙස මත් පැන් පානය කර අධිවේගී මාර්ගයේ බස් රථය ධාවනය වූවානම් මගීන්ට මෙයට වඩා විශාල අනතුරක් සිදු වීමට ඉඩතීබූ හෙයින් මාර්ගයේ සිදු වූ වරදකට බස් රථය නතර කිරීමෙන් පසු අහඹු ලෙස රියදුරු මත් පැන් පානය කර ඇති බව පොලීසියට අනාවරණය වූ බවද ගන්දර පොලිස් සථානාධිපතිවරයා කීය.snapshot_004
අධිවේ ගි බස් රථය අයත් රත්මලාන ඩිපෝවේ අධිවේගී මාර්ග ඒකකයේ කළමණාකරු විජිත ජයසුන්දර මහතාගෙන් කල විමසීමකදී ඔහු කියා සිටියේ රියදුරු ඊට පෙර දින රාත්‍රි මළ ගෙදරකට සහභාගී වී මත් පැන් පැන් පානය කර ඇති බවයි. එමේ නොමැතිව උදේ මත් පැන් පානය කර බස් රථය ධාවනය නොකල බව කීය. පෙර දින රාත්‍රී ගත් මත් පැන්වල ගඳ වහනය වීම මෙම සිදුවිමට හේතුව බව සිතිය හැකියැයි කීය. එමෙන්ම මෙම රියදුරු මීට පෙර කිසිම අවස්ථාවක මත් පැන් පානය කර කිසිදු සිද්ධියක් ඇති කර නොගත් රියදුරෙක් බවද , සදහන් කලේය.
බස් රථය තංගල්ල සිට ගන්දර දක්වා කිසිදු කරදරයකින් තොරව ධාවනය කර ඇති බව මගීන් සඳහන් කලේය.
බස් රථයකට ගොඩවීමට පෙර බස් රථයේ රියදුරු මත් පැන් පානය කර ඇත්දැයි විමසා බස් රථවලට ගොඩවිමට මගීන්ට සිදුවන බ ව බස් රථයෙන් බැස යන මගීහු සඳහන් කලහ.

සනත් ගමගේ

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article