Tuesday, May 21, 2024

2018 වසර තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමේ වසරයි

Must read

තොරතුරු දැනගැනීමේ අයිතිය සමාජගත කිරීම උදෙසා ජනමාධ්‍යවේදීන්ට සුවිශේෂී දායකත්වයක් ලබාදිය හැකි බවත් 2018 වසර තොරතුරු දැනගැනීම පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමේ වසර බවත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ( සංවර්ධන හා සැලසුම්) තිලකා ජයසුන්දර මහත්මිය පවසයි.

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත සමාජගත කර අද (3) දිනට වසරක් සපිරීම වෙනුවෙන් රජයේ නිලපුවත් වෙබ් අඩවියට අඳහස් දක්වමින් අතිරේක ලේකම්වරිය මේ බව ප්‍රකාශ කළාය.
”තොරතුරු දැනගැනීම අයිතිවාසිකම් පනත ශ්‍රී ලංකාවේ පනතක් ලෙස 2016 අගෝස්තු මසයේ දී පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබෙනවා. 2017 පෙබරවාරි මස තුන්වැනිදා මෙම පනත සමාජ ගත වෙනවා. වසරක කාලයක් තුළ ශ්‍රී
ලංකාව අනෙකුත් රටවල්වලට වඩා තොරතුරු දැනගැනීමේ පනත ක්‍රියාත්මක තුළ ඉදිරියෙන් සිටිනවා.”
”ආසියාතික රටවල් සමඟ ගත්විට ශ්‍රී ලංකාව අවුරුද්දක කාලසීමාවක් තුළ තොරතුරු දැනගැනීමේ පනත සම්බන්ධයෙන් රාජ්‍ය අංශය සූදානම් වීම ඉතාමත්ම ඉහළ මට්ටමක තිබෙනවා. මුදල් හා ජනමධ්‍ය අමාත්‍යාංශයට
පනත ක්‍රියාත්මක කිරීමේ වගකීම තිබෙනවා.වෙනත් රාජ්‍ය ආයතන මේ සඳහා සූදානම් කිරීම,පුහුණු කිරීම් කටයුතු කිරීම,පනත ක්‍රියාත්මක කිරීමේදී අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු සියල්ල සිදු කරන්නේ මුදල් හා ජනමාධ්‍ය
අමාත්‍යාංශයයි.”
”රජ්‍ය යාන්ත්‍රණය පනත ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් දැනුවත්.මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය,ජනමාධ්‍ය අමාත්‍යතුමා,ලේකම්තුමා ඇතුළු සෑමදෙනාගේම ප්‍රධාන ඉලක්කය වී තිබෙන්නේ,මහජනතාව දැනුවත් කිරීමයි.”

”තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත මඟින් රටේ විනිවිදභාවය,යහපලනය මූලධර්ම,යන සියල්ල ස්ථාපිත කිරීමට නම් මහජනතාවගේ මැදිහත්වීම අත්‍යාවශ්‍යයි. මහජනතාවට අවශ්‍ය තොරතුරු ලබාගැනීමට මහජනතාව දැනුවත් විය යුතුයි. එම දැනුවත් කිරීමේ අභියෝගය මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය භාරගෙන තිබෙනවා. 2018 වසරේ දී සම්පූර්ණයෙන්ම රටේ ජනතාව දැනුවත් කිරීමේ මෙහෙවර සඳහා දැනටමත් සැලසුම් සකස් කරමින්
සිටිනවා.”
රාජ්‍ය මාධ්‍ය මෙන්ම පෞද්ගලික මාධ්‍ය දායකත්වය මේ සඳහා ලබාගැනීම අවශ්‍යයි. රටේ මහජනතාව සවිබල ගැන්වීම සඳහා සිවිල් සංවිධාන තිබෙනවා.මේ සියලු දෙනාගේම සහාය ගෙන තොරතුරු දැනගැනීමේ
අයිතිවාසිකම් පනත පිළිබඳව රටේ මහජනතාව දැනුවත්කර,පනතේ ප්‍රතිලාභ ජනතාවට ලබාගැනීමට හා ඔවුන් සවිබල ගැන්වීමට කටයුතු කරනවා ”යැයි ද අතිරේක ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය සඳහන් කළාය.

 

උපුටාගැනීම – https://sinhala.news.lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article