Friday, May 17, 2024

පුත්තලම සිමෙන්ති සමාගම් භූමියේ ගින්නක්..

Must read

Puththalama

පුත්තලම සිමෙන්ති සාමාගම් භූමියේ ඊයේ (අගෝස්තු 18) ගින්නක් ඇතිවී ඇති බව වාර්ථා වනවා. ඊයේ මධ්‍යම රාත්‍රීයේ ඇතිවූ මෙම ගින්න මැඩපැවැත්වීමට පොලීසිය,ගිනි නිවන හමුදාව හා ගුවන් හමුදාව යුහුසුළුව කටයුතු කල බවයි වාර්ථා වන්නේ. මේ ගින්න හටගෙන ඇත්තේ දිවයිනේ විවිධ ප්‍රදේශ වල ඇගළුම් කර්මාන්ත ශාලාවලින් පුළුස්සා විනාශ කිරීම සදහා  රැගෙන විත් තිබු අපත් කල රෙදි එක්රැස් කර ඇති සිමේන්ති සමාගමේ අලියාඩ්  කසල විනාශ කිරීමේ අංගනය තුළ වන අතර පවතින වියළි කාලගුණ තත්වයත් සමග ගින්න මැඩපැවැත්වීමට අවශ්‍ය කරන ජලය සපයා ගැනීම ගැටළුවක් වූ බව ගිනි නිවන භටයන් පවසනවා.

ගින්න මැඩපැවැත්වීම සදහා රාජ්‍ය ආයතන ගණනාවකට අයත් ජල බවුසර්,ගිනි නිවන රථ කැදවා තිබූ අතර යුධ ගුවන් හා නාවික අංශයක්ට අයත් ගිනිනිවීමේ ඒකකයන්ද මෙම කාර්‍යයට සිය දායකත්වයලබාදී තිබෙනවා. ගින්න නිසා කර්මාන්තශාලාවේ වෙනත් කිසිදු අංශයකට හානි සිදුවී නැහැ.

http://sathhanda.lk ඇසුරිණි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article