Monday, May 13, 2024

දිස්ත්‍රික්ක රැසකට අනතුරු ඇඟවීම්: අවධානයෙන් සිටින්න.

Must read

 sri-lanka-flood
දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් හා ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය මාධ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.
රත්නපුර හා නුවරඑළිය යන දිස්ත්‍රික්කවලට නායයෑම් අනතුරු ඇඟවීම් සිදුකර ඇති අතර නායයෑම් ලක්ෂණ දුටු වහාම අදාළ ප්‍රදේශ වලින් ඉවත් වන ලෙස පැවසීය.
කළුතර, ගාල්ල මෙන්ම අනෙකුත් කඳුකර ප්‍රදේශවල ජීවත් වන ජනතාවද සැළකිලිමත් වන ලෙස ඉල්ලා සිටියි.

කුකුලේ ගඟ ජලාශයේ එක් වාන් දොරටුවක් විවෘත කර ඇති බැවින් පහල ජල ධාරා ප්‍රදේශ වන කළුතර, ඉංගිරිය, බුලත්සිංහල ඇතුළු ප්‍රදේශවල ජනතාවට විමසිල්ලෙන් පසුවන ලෙස මාධ්‍ය අධ්‍යක්ෂවරයා ඉල්ලා සිටියි.
177 දුරකථන අංකය ඔස්සේ හදිසි ආපදා තත්ත්වයන් සම්බන්ධයෙන් දැනුම්දීම හෝ ආපදාවන් සම්බන්ධයෙන් ජනතාවට අවශ්‍ය තොරතුරු ලබාගැනීම සිදුකළ හැකි බව පැවසීය.
මේ වන විට කළුතර දිස්ත්‍රික්කයට තද වැසි පවතින අතර මධ්‍යම කඳුකරය ඇතුළු දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ද වැසි බලා බලාපොරොත්තු විය හැකි බව වැඩිදුරටත් පැවසීය.
ගාල්ල – නාගොඩ සුමන උදයන්ත.
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article