Friday, May 17, 2024

වයඹ,සබරගමුව හා මොරටුව විශ්වවිද්‍යාල වලට ඉදිරියේදී වෛද්‍ය පීඨ..

Must read

52294547

වයඹ විශ්වවිද්‍යාලයේ ඉදිකිරීමට නියමිත වෛද්‍යපීඨය සදහා මේ වන විට වයඹ පළාත් සභාව යටතේ පවතින කුලියාපිටිය මූලික රෝහල රජය යටතට ගැනීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසා තිබෙනවා.ඔහු මේ බව සදහන් කර ඇත්තේ පසුගිය අගෝස්තු 16 වනදා වයඹ විශ්වවිද්‍යාලයේ ආරම්භ කිරීමට නියමිත වෛද්‍ය විද්‍යාලය පිලිබදව සෞඛ්‍ය අමාත්‍යංශයේදී පැවැති සාකච්ඡාවකදීය.

එලෙසම මේ වන විට වයඹ විශ්වවිද්‍යාලයට අමතරව,සබරගමුව හා මොරටුව විශ්වවිද්‍යලයෙන්ට අනුබද්ධිතවත් වෛද්‍ය විද්‍යාල ඉදිකිරීඹට රජය තීරණය කර ඇති බවද එම අවස්ථාවේදී අමාත්‍යවරයා අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත. කුලියාපිටිය මූලික රෝහල රජය යටතට ගැනීමෙන් පසු එය ශික්ෂණ රෝහලක් වශයෙන් වැඩිදියුණූ කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කරන ලෙස හා ඒ සම්බන්දයෙන් වන කැබිනට් පත්‍රිකාව සූදානම් කරන ලෙසත් සෞඛ්‍ය අමාත්‍යවරයා අදාල නිලධාරීන්ට පවසා තිබෙනවා.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article