Friday, May 17, 2024

පැහැරගත් එළදෙනකට කැත වැඩක් කළ ලෝක ලෙඩෙක් මැල්සිරිපුරින් අල්ලයි.

Must read

cow_abuse

එළදෙනක සමග ලිංගිකව හැසිරීමට උත්සාහ කිරීමේදී බෙල්ල සිර වී එළදෙන මියයාමේ සිදුවීමක් සම්බන්ධයෙන් මැල්සිරිපුර, උඩකැන්දවල ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු ගොකරැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

තම නිවස ආසන්නයේ දිගේලි කර සිටි එලදෙනක සොරාගෙන, මරා දමා ඇති බවට උඩකැන්දවල, රත්මල්ගහඇල ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු කරන ලද පැමිණිල්ලක් පිළිබදව කළ පරීක්ෂණවලදී හෙළි වූ තොරතුරු මත එම ප‍්‍රදේශයේම පදිංචි 42 හැවිරිදි සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. බෙල්ල තදවන අයුරින් ගසක බැද, පාද හතරද ගැට ගසා තිබියදී මියගොස් සිටි එළදෙනගේ මල සිරුර ඌ දිගේලි කර සිටි ස්ථානයේ සිට කිලෝමීටරයක් පමණ දුරින් පිහිටි කැලෑ රොදක තිබියදී ගම්වාසින් විසින් පසුගිය 14 වැනිදා සොයාගෙන තිබේ.

එළදෙන පැහැරගෙන ගොස් ගසකට තබා ගැට ගසා, ඌ සමග ලිංගිකව එක්වීමට උත්සාහ කිරීමේදී එළදෙන දැගලීම හේතුවෙන් බෙල්ල කැඞී මියගිය බවට සැකකරු පොලිසියට පාපොච්චාරණය කර තිබේ. සැකකරු, මියගිය එළදෙන සමග ලිංගික හැසිරීමක යෙදී ඇතිදැයි තහවුරු කරගැනීම සදහා එළදෙනගේ සිරුරු කොටස් රජයේ රස පරීක්ෂක වෙත යොමුකර ඇති බව පොලිසිය කියයි. ගොකරැල්ල පොලිසිය සිද්ධිය පිළිබද වැඩිදුර විමර්ශන පවත්වයි.
http://www.wayambatoday.com

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article