Friday, May 17, 2024

ඉන්දියාවේ පාසල් සිසුන්ගෙන් බීජ බෝම්බ 10,000ක්

Must read

ඉන්දියාවේ චෙන්නායි නගරයේ උසස් ද්විතීයික පාසලක සිසුන් පිරිසක් විසින් විනාශ වී ගිය වනාන්තර නැවතත් වගාකිරීම සදහා අපූරු ක්‍රමයක් සොයාගෙන තිබෙනවා. ඒ සදහා ඔවුන් තෝරාගෙන ඇත්තේ බීජ ඇතුලත් කුඩා බෝල බීජ බෝම්බ වශයෙන් නිර්මාණය කිරීමයි.මෙම කුඩා බෝල නිර්මාණය කිරීම සදහා සිසුන් විසින් මැටි,පස් හා ගොම යොදාගෙන තිබෙනවා. එම පාසලේ සිසුන් 150ක් පමණ සිය දායකත්වය ලබාදී ඇති අතර සිසුන් විසින් ප්‍රදේශයේ ඇති වනාන්තර ප්‍රදේශයන්ට මෙන්ම අවට වනාන්තර ප්‍රදේශවලටත් මෙම බීජ බෝම්බ මුදා හැරීමට කටයුතු කරනු ඇති.

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී ඉන්දියාවට ඇතුල් වූ වර්ධා සුලි කුණාටුවෙන් එම ප්‍රදේශයේ සම්පූර්ණ ශාක ඝණත්වයෙන් හතරෙන් එකක ප්‍රමාණයක් වන ශාක ලක්ෂයක් පමණ විනාශ වූ නිසා එම ගස් නැවතත් සිටුවීමට මේ පියවර ඉදිරිපත් කර ඇත්තේද එම පාසලේ සිසුන් විසින් බවයි වාර්ථා වන්නේ. මේ වන විට මෙම සිසුන් විසින් තමන්ගේ නගරය නැවතත් හරිත වර්ණයෙන් වර්ණ ගැන්වීමට වෙහෙසෙමින් සිටින බව පවසන පාසලේ ගුරුවරුන් වැඩිදුරටත් පවසන්නේ ඔවුන්ගේ උත්සාහය සාර්ථක වනුඇති බවට හා ඒ උත්සාහය විශාල වෙනසක් කරනු අැති බවටත් ඔවුන් දැඩි ලෙස විශ්වාස කරන බවයි.

එළඹෙන ජුලි 28වදාට යෙදෙන ලෝක සංරක්ෂණ දිනය වෙනුවෙන් යෙදී ඇති කාර්‍යයන් වල එක් කාර්යයක වශයෙන් මෙම බීජ බෝම්බ හෙලීම සිදුවන බවයි පාසලේ ගුරුවරන් වැඩිදුරටත් පවසන්නේ. මෙම ක්‍රියාවලිය එම පාසලේ සිසුන් විසින්ම සිදුකිරීම නිසා ඉදිරියේදී එම වෘක්ෂයන් වල හිමිකාරිත්වය තමන්ට හිමි බවට වන හැගීමක් ඔවුනට ඇති වීම නිසා ඉදිරි ජීවිතයේදී කිසිදු දිනයක ඔවුන් ගස් කැපීමට ඉඩ දීමක් හෝ ඉදිරිපත් වීමක් සිදුනොවනු ඇති බවයි මේ පිලිබදව අදහස් දක්වන්නන්ගේ අදහස වී ඇත්තේ.

1024x630_11-696x428

1024x630_21

1024x630_31

http://everylifecounts.ndtv.com ඇසුරිණි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article