Thursday, May 2, 2024

පළාත් පාලන මැතිවරණයේ තැපැල් ජන්ද සලකුණු කිරීමට දින නිකුත් කෙරේ.

Must read

f94d59eccf4de576076491419bbc15f3_XLමැතිවරණ කොමිසන් සභාව විසින් ව්‍යවස්ථාපිත දැන්වීම් නිකුත් කිරීමේ දින හා ඡන්ද සලකුණු කිරීමට ඇති දින සදහන් මාධ්‍ය නිවේදනයට අනුව තැපැල් ඡන්ද සලකුණු කිරීම එළඹෙන ජනවාරි මස 22,25 හා 26 යන තෙදින තුලදී සිදුවීමට නියමිතය. එහිදී ජනවාරි 22වනදා මැතිවරණ කාර්යාල,දිස්ත්‍රික් ලේඛම් කාර්යාල හා පොලිස් ස්ථාන වල ඡන්ද සලකුණු කිරීම සිදුවන අතර 25 හා 26 යන දෙදිනේදී සෙසු රජයේ කාර්යාල,අධ්‍යාපන කාර්යාල,පාසල්,ලංගම ඩිපෝ,ආරක්ෂක හමුදා කදවුරු හා වෙනත් ආයතනය සියල්ලකම තැපැල් ඡන්ද සලකුණු කිරීම සිදුවනු ඇති.

එලෙසම නිලඡන්ද පත්‍රිකා තැපෑලට භාර දීම ජනවාරි ස 18වනදා සිදුවන අතර විශේෂයෙන් 2018 පෙබරවාරි 3 වනදායින් පසු ඡන්ද පත්‍රිකා නිවෙස් වෙත බෙදා හැරීම සිදු නොවන අතර තැපැල් කාර්යාලයේ රදවාතබාගනු ලබන නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා  අදාල ඡන්ද හිමියන්ට පමණක් තැපැල් කාර්යාලයෙන් ලබාගත හැකිය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article