Thursday, May 2, 2024

උතුරු පළාතේ බිම්බෝම් ඉවත් කිරීමට ජපන් සහය

Must read

land-mine_1-620x385-720x340

මානව ආරක්ෂා ව්‍යාපෘතිය යටතේ මෙරට උතුරු පළාතේ ඇති බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සදහා ශ්‍රී ලංකාව වෙත මුදල් ආධාර කිරීමට ජපානය තීරණය කර තිබෙනවා. ඒ අනුව ආසන්න වශයෙන් රුපියල් මිලියන 90ක මුදලක් මේ සදහා ජපානයෙන් මෙරටට ලැබෙනු ඇති.

මෙම ව්‍යාපෘතිය මගින් අවතැන් වූ ජනතාවට ජීවත්වීම සදහා බිම්බෝම්බ වලින් තොරආරක්ෂිත භූමියක් ස්ථාපිත කිරීමත්,නැවත පදිංචිය සදහා සුදුසු ස්ථාන ස්ථාපිත කිරීමටත්වන ශ්‍රී ලංකා රජයේ උත්සහයට සහය දැක්වීමටද ජපන් රජය බලාපොරෝත්තු වන බව ඔවුන් මෙහිදී ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකාවේ සංහිදියාව ගොඩනැගීම,පුනරුත්ථාපනය හා සංහිදියාව ගොඩනැගීම යන්න අරමුණු කරගනිමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක් කරනු ලබන්නේ සමාජ සමගිය සදහා ඩෙව්ලෝන් සංවිධානයයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article