Saturday, May 11, 2024

නැනෙහිර පළාතේ කොරෝනා අසාධිතයින් 177 ක්

Must read

නැගෙනහිර පළාතේ  PCR පරීක්ෂණයේ ප්‍රතිපළ  වලට අනුව, ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ 16 ක්, මඩකලපුව දිස්ත්‍රික්කයේ 88 ක්, අම්පාර කලාපයේ 08 ක් සහ කල්මුනායි කලාපයේ 65 ක් ඇතුළුව කොරෝනා ආසාදන 177 ක් හඳුනාගෙන ඇති බව ඊයේ  (28) සවස අම්පාර  කල්මුණේ ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී සෞඛ්‍ය අධ්‍යක්ෂකවරයා මේ බව ප්‍රකාශ කරන ලදී. ඔහුගේ අවධාරණයට අනුව , අක්කරයිපත්තු  ප්‍රදේශයේ කොරෝනා වයිරස් ආසාදනයට ගොදුරු වූවන් 37 දෙනෙකු, අලයාදිවෙම්බු ප්‍රදේශයේ තවත් අයෙකු සහ සමන්තුරෙයි රෝහලේ ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇති ඉරාක්කම් ප්‍රදේශයේ එක් අයෙකු පීසීආර් පරීක්ෂණයෙන් හඳුනාගෙන අම්පාර රෝහලට ඇතුළත් කර තිබේ.

මහජනයා ප්‍රදේශයේ  අනවශ්‍ය ලෙස ගැවසීමෙන්  වැළකී සිටිය යුතු අතර හදිසි අවශ්‍යතාවයන් පිළිබඳව ප්‍රාදේශීය ලේකම්වරුන් තිදෙනා සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව පියවර ගැනීමට නියමිතය.  එතෙක් ප්‍රදේශය තුළ හුදකලා කිරීම දිගටම පවතිනු ඇත. මෙම ප්‍රදේශ දින  14ක්  දක්වා හුදකලා කර ඇත.
රෝගයේ බලපෑම පිළිබඳව දැන ගැනීම සඳහා ජනතා දැනුවත්කිරීමට පියවර ගන්නා අතර  සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, පොලිස් දෙපාර්තමේන්තුව, යුද හමුදාව හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් මෙම රෝගය වැළැක්විය නොහැකි බවත් සෞඛ්‍ය අධ්‍යක්ෂකවරයා පවසන ලදී.


දේවා

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article