Sunday, April 28, 2024

දැන් නිර්මාණය වන්නේ කොවිඩ් පොකුරු නෙමේ කොවිඩ් අණු පොකුරු – ම. සෞ. පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ 

Must read

පෑලියගොඩ සහ කොළඹ නගර සභා කොවිඩ් පොකුරු වලින් අනතුරුව විවිධ ප්‍රදේශ වලින් අණු පොකුරු නිර්මාණය වීමේ තත්ත්වයක් දක්නට ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සදහන් කරයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා මෙසේද පැවසීය.

පසුගිය කාලය තුළ අපිට දක්නට ලැබුනේ කොවිඩ් පොකුරු නිර්මාණය වීමක්. නමුත් මේ වන විට කොවිඩ් අණු පොකුරු නිර්මාණය වන බවක් දක්නට ඇත. කොවිඩ් ආසාධිතයින් වාර්තා වීම අඩුවක් පැවති කළුතර,ගම්පහ සහ වත්තල යන ප්‍රදේශ වලින් නැවත කොවිඩ් ආසාධිතයින් වාර්තා වන බවක් දක්නට තිබෙනවා.

එමෙන්ම සංචරණය සීමා කර ඇති ප්‍රදේශ වල රජයේ සහ පුද්ගලික ආයතන විවෘත කර තබීමත් ගැටළුවක් වී තිබෙනවා.මේ වන විට කොළඹ වරාය අශ්‍රිතව කොවිඩ් ආසාධිතයින් වාර්තා වෙමින් සිටිනවා.එමෙන්ම වරාය තුළ ක්‍රියාත්මක වන සෞඛ්‍ය කටයුතු සම්බන්ධයෙන් අපට සෑහීමකට පත් විය නොහැකියි.

කොළඹ නගර සීමව තුළ පවතින තත්ත්වයක් යහපත් නොවේ.ඇතැම් ප්‍රදේශ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ පාලනයෙන් මිදී යන තත්ත්වයක් දක්නට තිබෙනවා.මෙම තත්ත්වය ඉතාමත්ම අවදානම්. එමෙන්ම නැවත වතාවක් ධීවර ප්‍රජාව ජීවත් වන ප්‍රදේශ වලින් කොරෝනා ආසාධිතයින් වාර්තා වන්නට පටන් ගෙන තිබෙනවා.හලාවත සහ අවට එයට හොදම උදාහරණයක්.

කිසියම් ප්‍රදේශයක කොරෝනා ආසාධිතයින් වාර්තා වීම වැඩි බවක් හදුනා ගත් විගස එම ප්‍රදේශය තුල සංචරනය සීමා කිරීම කඩිනමින් කළ යුතු වනවා.නමුත් ඇතැමුන් ඒ සම්බන්ධයෙන්  නිසි පරිදි කටයුතු නොකිරීම ගැටළු සහගත බවක්ද දක්නට තිබෙනවා.

කෙසේ වෙතත් මේ අවස්ථාවේ අප සියළුම දෙනා එකට එකතුවී කටයුතු නොකළහොත් පවතින අවදානම් තත්ත්වය පාලනය කිරීමට නොහැකි වන බවයි අපට පෙනෙන්නට තිබෙන්නේ.


ජුඩ් සමන්ත.

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article