Monday, April 29, 2024

නැඟෙනහිර විශ්වවිද්‍යාල සේවකයෝ විරෝධතාවයක.

Must read

නැඟෙනහිර විශ්වවිද්‍යාල සේවකයෝ විරෝධතාවයක.

විශ්වවිද්‍යාල ආචාර්ය මණ්ඩලය මුහුණ දෙන වැටුප් ගැටලුවට සහ දීර්ඝ කාලයක සිට නොවිසඳී ඇති විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ඉල්ලීම්වලට විසඳුම් ඉල්ලා නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයේ මූලිකත්වයෙන් අද මඩකලපුවේදී විරෝධතාවක් සංවිධානය කර තිබුණි

සියලුම විශ්වවිද්‍යාල සංගම් එකමුතුවේ යෝජනාවට අනුව දිවයින පුරා රාජ්‍ය විශ්වවිද්‍යාල තුළ දෙදින (28, 29) ක්‍රියාත්මක වෘත්තීය සමිති ක්‍රියාකාරකම්වල කොටසක් ලෙස මඩකලපුව පිහිටි නැගෙනහිර විශ්වවිද්‍යාල ප්‍රවේශ මධ්‍යස්ථානය ඉදිරිපිටදී මෙම විරෝධතාව පැවැත්විණි.

රජය 2016 වැටුප් ප්‍රතිසංස්කරණයට අනුව ලබාදීමට පොරොන්දු වූ 15%ක වැටුප් වැඩිවීම අද දක්වා ලබානොදී මාසික අවදානම් දීමනාව වැඩිකර රජය විශ්වවිද්‍යාල ඉතුරුම් අරමුදල වෙනත් අය සඳහා යෙදවීමට විරෝධය පළකිරිම අවශ්‍යතා, වැඩිවන ජීවන වියදමට අනුව වැටුප් වැඩි කිරීම, විශ්වවිද්‍යාලවල දිගුකාලීන පුරප්පාඩු පිරවීම සඳහා බල කිරීම. එම කටයුතු සුමටව ඉදිරියට ගෙන යාමට රජය කටයුතු කිරීම ඇතුළු විවිධ ඉල්ලීම් මුල් කර ගනිමින් මෙම විරෝධතාව සංවිධානය කර ඇත

ඉහත ඉල්ලීම් ඇතුළු විවිධ ගැටලු මුල් කරගනිමින් 2023.11.02 සහ 18.2024 යන දිනයන්හිදී විශ්වවිද්‍යාල සේවකයින් සංකේතාත්මක වැඩවර්ජන සහ උද්ඝෝෂණ සිදු කළ අතර ඊට විසඳුම් නොලැබීම හේතුවෙන් දින දෙකක අඛණ්ඩ වැඩවර්ජන සහ වෘත්තීය සමිති විරෝධතා ව්‍යාපාර ක්‍රියාත්මක වේ.

අදිරන් – මඩකලපුව

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article