Thursday, May 9, 2024

වසර 35 ක්ම සිය මව නොදැක සිටි ‘සාන්තන්’ අද සිය ජිවිතයට සමුදෙයි !

Must read

ඉතාමත් සංවේදි පින්තුරයක් අද දවසේ උතුරු නැගෙනහිර වෙසෙන බහුතරයකගේ ෆේස්බුක් පිටුවල විය.
ඒ රජිව් ගාන්ධි ඝාතනයට දඩුවම් ලැබීම නිසා ජිවිතාන්තය දක්වා ඉන්දියාවේ බන්ධනාගාරයක සිරගත කොට සිටි සාන්තන්  මිය යාම ගැන පුවතයි.ඔහු වසර 35 කට පසු ඉන්දිය රජයේ විශේෂ අවසරයකින් නිදහස ලබා සිය මව බැලිමට අද රාත්‍රියේ ලංකාවට පැමිණිමට නියමිතව සිට ඇත.

කලක සිට රෝගි තත්වයකින් පෙළෙමින් සිටි සාන්තන් අද උදෑසන හෘදයාබාධයක් හේතුවෙන් මිය ගොස් තිබුණි.

එහෙත් මේ ගමන මේ තරම් පමා වි තිබුනේ යම් ලියවිලි ප්‍රමාණයක් නිසි කලට ලැබි නොතිබිම නිසා බව ඇතැම් මාධ්‍ය සටහන් වල  සඳහන්ව තිබේ.මේ පිළිබදව නැගෙනහිර මාධ්‍යවේදියෙකුගේ  ෆේස් බුක් පිටුවක මෙසේ සඳහන්ව තිබුණි

වසර 35ක තම මව දැකීමේ සිහිනය සැබෑ නොවන්නේ ඔහුව එතැනින් මුදවා ගැනීමට “කිසිවෙකු” නිවැරදි පියවර ගෙන නැති නිසාවෙනි!
අපේ නායකයො “වැදගත් වැඩ” එක්ක කාර්යබහුල නිසා අපිට මේ ගැන දුක් වෙන්න වෙලාවක් නෑ!!
පසුගිය සිකුරාදා ශාන්තන්  තම සොහොයුරා රෝහලේදී මුණගැසුණු අවස්ථාවේ ගත් පින්තූරය…
· ·

  

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article