Friday, May 3, 2024

නව ව්‍යවස්ථා සම්පාදන කමිටුවේ සභාපතිත්වය වීරවංශ වෙනස් කරයි.

Must read

නිතර නිතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනය ගැන කරුණු දක්වන ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමෙන්තු මන්ත්‍රී විමල් වීරවංශ  අද පාර්ලිමෙන්තුවේදී තවත් අපූරු කථාවක් සිදුකර ඇතැයි වාර්ථා වෙයි. කථාවට දක්ෂයෙකු වූවත් කථාවේ අන්තර්ගතය ගැන දැනුමක් නැති මන්ත්‍රීවරයෙක් ලෙස කවුරුත් හදුනන ඔහුට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම වෙනුවෙන්   ස්ථාපිත  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මෙහෙයුම් කමිටුවේ සභාපතිත්වය දරන්නේ කවුද යන්න අමතකව ගොස් තිබිණි. තමන්ගේ කථාව ඉදිරිපත් කරමින් කථාව කරගෙන ගෙන ගිය ඔහු දිගින් දිගටම ප්‍රකාශ කරේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මෙහෙයුම් කමිටුවේ  සභාපති කතානායකවරයා බවයි.

නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මෙහෙයුම් කමිටුවේ  සභාපති  වන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතායි. විමල්ගේ කථාව අතරුතරු ඔහුව නිවැරදි කිරීමට කථානායකවරයා කටයුතු කල අවස්ථාවේදී ඔහු එම කමිටුවේ සභාපතිත්වය දරන්නේ සැබැවින්ම කවුරුද යන්න පිළිබදව කිසිදු අදහසක් නොමැති බව අනාවරණය වී ඇත. එසේ ඒ බව හෙලිවී ඇත්තේ එම අවස්ථාවේදී ඔහු දැක්වූ ප්‍රතිචාරයත් සමගින්ය. එලෙසම තමන්ට සභාපති මාරුවූ බවද ඔහු නොදන්නා බවක් දක්නට ලැබුණ බව ආරංච් මාර්ග වාර්ථා කරයි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article